(යොහාන් භාසුර)

 

රට පුරාම කාණ්ඩ 11 ක් යටතේ අද (21) පස්වරු 4.30 සිට ‘රාත්‍රී 10.30 දක්වා පැය දෙකක කාලයක් විදුලි කප්පාදු කරයි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ඒ, බී, සී, පී, කිව්, ආර්. එස්, ටී, යූ, වී සහ ඩබ්ලිව්. ලෙස එම කාණ්ඩ නම් කර ඇති බවත් පස්වරු 4.30 සිට පස්වරු 6.30 දක්වා සහ පස්වරු 6.30 සිට රාත්‍රී 8.30 දක්වා කාණ්ඩ හතර බැගින් ද, රාත්‍රී 8.30 සිට 10.30 දක්වා කාණ්ඩ තුනක ද විදුලිය විසන්ධි කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ අඅඅගචමජිකගටදඩගකන යන නිල වෙබ් අඩවියෙන් විදුලි විසන්ධි වන කාණ්ඩය සහ ප්‍රදේශ ලබාගත හැකි බවත්ය.

අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් දහවල් කාලයේ විදුලිය කප්පාදු නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය කර ඇති ඉල්ලීම නිසා පස්වරුවේ පමණක් විදුලිය විසන්ධි කරන බව ද රත්නායක මහතා වැඩි දුරටත් කීය.