(ඩයනා උදයංගනී)
බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම ප්‍රදේශයන්හි ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඌව පළාතේත්, මඩකලපුව, හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.
කන්කසන්තුරය සිට පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd