(ඩයනා උදයංගනී)
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරුමැද පළාත්වල අද (21) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වලද වැසිවාර කිහිපයක් ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හම්බන්තොට සිහ පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd