
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් නම දෙනකු අද (21) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
අවුරුදු 48, 69, 75 සහ 76 යන වයස්වල පසුවන කාන්තාවන් සිවුදෙනෙක්ද, අවුරුදු 57, 65, 89, 72 සහ 76 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් පස්දෙනෙක් අද මිය ගිය අය අතර වෙති.
මෙම මරණ 9 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 83 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

COMMENTS
සමාජ ගතවී නොමැත......
අර පලවෙනි රැල්ලෙ තිබුණු අව්ව නිසා මැරෙන්නේ නෑ කියපු අය කෝ?
'සර්'' ෆේල් ...
සුදර්ශනී පැණියයි, කුණ්ඩලීනි ශක්තියයි තිබෙනකම් කිසිදේකට බයවෙන්න එපා...
දිනෙන් දින පිරිස මැරෙමින් පවතියි...
තව ටිකකින් ආණ්ඩුවේ ගිරවු දෙන්න (සිල්වා/රෝහණ යන ජෝකර් ඩබල) මාධ්‍ය ඉස්සරහට ඇවිත් කියාවි මේ කොරෝනා මරණ නෙවේ, නිධන්ගත රෝග හා කොරෝනා වැලඳීමෙන් මැරිලා තියෙන්නෙ කියලා.. ස" පේල් නෑ කියලා අඟවන්න මුන් නොකරන දෙයක් නෑ... තාමත් සමාජගත වෙලා නෑ කියලා කියන්නෙ.. Brandix පොකුර හෝ Brandix ගැන කතාවක් වත් නෑ දැන්... Brandix කාරයෝ කොරෝනා ලංකාවට ගෙනත් රටම කෑවා..
බස්නාහිර පළාතේ පදිංචි අය පිට පළාත්වල සංචරණය කිරීම දෙසැම්බර් 31 දක්වා වහා අත් හිටවන්න
ගම්මන්පිල නමින් අදහස් දක්වා ඇති කෙනාට සතුටක් ලැබෙන්නේ කොරෝනා සමාජගත වුනාමද?