IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අද දිනයේ කොරෝනා රෝගීන් 20 ක්

අද රාත්‍රී 11.45 ට පමණ කොරෝනා ආසාදිත රෝගීන් 7 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

අද දිනය තුළ වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 20 ක් බවද  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ඒ සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත සංඛ්‍යාව 330 දක්වා ඉහළ ගොස් ඇත.

පුද්ගලයින් 105  දෙනෙකු   මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති අතර  පුද්ගලයින් 7 දෙනකු මියගියහ.



අදහස් (6)

අද දිනයේ කොරෝනා රෝගීන් 20 ක්

nimal Wednesday, 22 April 2020 11:13 PM

කෝ මේ සෞඛ්‍ය ඇමති? අත්පුඩි ගහල චන්දෙ දීල ආයෙත් යවපල්ලා... මේවගේ අයව රට පාලනය ක‍රන්න.

:       11       426

නිමල් Thursday, 23 April 2020 04:37 AM

වේගයෙන් වැඩි වෙනවා, රට වහන්න ඕනම වෙලාවේ රට ඇරලා. 90% අවබෝධයක් නැති මිනිස්සු හිතන් ඉන්නේ දැන් තත්වය පාලනය කරලා තියෙන්නේ කියලා. ජනතාවගේ පැත්තෙන් සාධාරණයි වැඩ කරන්න ඕන මුදල් හොයා ගන්න. මුඛ වාඩම ඇර, පරතර තබා ගැනීම, බස්වල පැටවීම සීමා කිරීම ප්‍රයෝගිකව වෙන දේවල් නෙවේ. ජනතාව පාලනය නීතියෙන් කලයුතු දේවල්. මොනවා හරි වෙලා සමාජයේ පැතිරුනොත් මේ වෙනකම් රජය ඇතුළු කාර්යමණ්ඩලය වැය කරපු මහන්සිය වතුරේ, මේ වෙනකම් ගෝඨා මහත්තයට තිබුණ ජනතා ප්‍රසාදයත් නැතුව යනු ඇත.

:       5       235

RaveendraThursday, 23 April 2020 07:26 AM

ඔබගේ අදහස් නිවැරදිය. එලෙසම ගොඨාගේ කතා මෙතනට අදාළ නැත. රටේ පුරවැසියන් වන අප සැමගේ යුතුකම් වගකීම් නිසිලෙස ඉටුකරන්නේ නම් මෙම ව්‍යවසනයෙන් ඉතාමත්ම පහසුවෙන් බේරීමට හැකි බව අපගේ හැගීමයි. වැඩි දෙනෙකු ආරක්ශාකාරීව තම වැඩකටයුතු කරත්, ක්‍රියා පටිපාටිය ඒ සියල්ලන්ගේම උත්සාහයන් වතුරේ යනවා නොවේද? වැඩි දෙනෙකු මෙය විහිලුවට ගෙන ඇති බවක් පෙනෙන අතර නිතිය දැඩි කිරීමෙන් මිනිසුන්ව මෙම අවස්ථාවේ පාලනය කල යුතු බව කීමට කැමැත්තෙමු. එයද කිරීමට නොහැකි තත්වයක් පැහැදිලිය. මෙම අවදානම් අවස්ථාවත් බලය ලබාගැනුමට ප්‍රයෝජනයට ගනිමින් රටේ "ප්‍රධාන පක්ෂ යයි තමන්ම කියා ගන්නා " නිවටයන් ඒ ඒ පක්ෂවල න්‍යායන් ක්‍රියාත්මක කරමින් මිනිසුන්ගේ ජිවිත තව තවත් ව්‍යාකුල කිරීමට අරඅදිනවා නොවේද? හොදින් මධ්‍යස්ථව නිරීක්ෂණය කර බලන්න හැංගිලා හිටිය "සියලුම දේශපාලුවන් " දැන් දැන් එලියට පැමිණ කෑකෝ ගසන හැටි, තියන මාද්‍ය සංදර්ශන. එමගින් පැහැදිලි වන්නේ මිනිසුන් ලෙඩකින් හෝ තම බලය ගැනුමේ අභිප‍්‍රාය නොවේද? අවංකව මධ්‍යස්ථව මෙය ගැන හිතන්න. මෙය නොවේද අප රටේ දැන් සිදුවන්නේ?

:       1       10

පෙරේරා Thursday, 23 April 2020 09:32 AM

ඔබට අත්දැකීම් නැත. ඔයා කියන විදියට ප්‍රයෝගික සමාජයේ තමන්ගේ වගකීම් නිසිලෙස ඉටු කළොත් සියල්ල හරි. නමුත් ඔය කියන සමාජයක් කොහෙද ලංකාවේ ? ඔයා වගේ රට ගැන හිතන වැඩිම උනොත් 10% ක් ලංකාවේ ඇති. අර ජපානය වගේ සමාජයේ හැසිරෙන්න ඕන ක්‍රමය පොඩි කාලෙදිම ඇඟට කාවද්දපු රටක නම් ඔයා කියන විදියට එහෙම වෙයි. ඉතින් මෙතැනදී රටේ පාලකයා නීතියෙන් ගන්න තීන්දු තීරණ තමයි මේ වෙලාවේ වැදගත් වෙන්නේ. විශාල ජනතාවක් පාලනය කරන කොට ක්‍රම උපායන් සහ අදාල නීතියෙන් තීන්දු තීරණ ගන්න ඕන. වචන වලින් ඒකම කරන්න එපා. මෙහෙම කරන්න එපා කියලා මීඩියා ෂෝ වලින් වැඩක් නෑ.

:       0       7

chandanaThursday, 23 April 2020 09:34 PM

රටේ නායකයෝ ඇදිරි නීතිය අස්සේ ඡන්දෙට මීටින් තියනකොට රටේ මිනිස්සුන්ගෙන් පමණක් විනයක් බලාපොරොත්තු වෙන්න බැ.

:       0       0

ravi Thursday, 23 April 2020 06:19 AM

කොරෝනා නීති කඩකරන අයට දැඩි දඬුවම් සහ දඩමුදල් පැනවිය යුතුයි... මනුස්සයෝ එන්න එන්නම... කොරෝනාවත් එක්ක සාමාන්‍ය විදිහට ජීවත් වීමට සහ නීතිකඩකරන්න පුරුදු වෙනවා.. ඒ නිසා එන්න එන්නම නීතිද තදවිය යුතුයි..

:       3       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 357 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site