(ඩයනා උදයංගනී)

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ  පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේත් විටින් විට වැසි ඇතිවන අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේද වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ,  පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා පැවසීය.

දිවයින හරහා පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් තද සුළං ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.