(යොහාන් භාසුර)
අත්හිටුවා ඇති දුරගමන් සේවා දුම්රිය සහ තැපැල් දුම්රිය ධාවනය ආරම්භ කිරීමට නම් නියාමකයන්ගේ හිඟයට විසඳුමක් ලබාදිය යුතු බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ. ඩී. ජී. සෙනවිරත්න මහතා පැවසීය.
අත්හිටුවා ඇති දුම්රිය ආරම්භ කිරීමට මේ දක්වා තීරණය කර නොමැති බව කී සෙනවිරත්න මහතා ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය සම්පූර්ණ කරගත යුතු බව ද සඳහන් කළේය.
දුම්රිය ස්ථානධිපතිවරුන්ට නියාමක රාජකාරියේ කටයුතු කිරීමේ අවස්ථාව ලබාදුන හොත් ශ්‍රේණිගත අතර ගැටලුවක් නිර්මාණය වන බවත් ඒ හේතුවෙන් ස්ථානධිපතිවරු නියාමක රාජකාරියට යෙදවිය නොහැකි බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ. ඩී. ජී. සෙනවිරත්න මහතා කීය.
දුම්රිය නියාමකයන්ගේ හිඟය හේතුවෙන් දුරගමන් දුම්රිය සහ තැපැල් දුම්රිය රැසක් මේ වන විට අත්හිටුවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වංසේ කබල් ගගා හිටපල්ලා වලටම යනකල්...