(ඉන්දිකා රාමානායක)
අතුරුදන්වූ නාවිික හමුදා සාමාජිකයන් 6 දෙනකු පානම ගිනිකොණ නාවික විධානය වෙත අද රැගෙන ආ බව නාවික හමුදාව පවසයි.
එහි සිටි සියලු නාවිකයන් වෛද්‍ය පරීක්ෂණය සදහා යොමු කළ බවත් ඔවුන් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවට තහවුරු වු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
මෙම පිරිස ඉකුත් සැප්තැම්බර් 16 දින සැකකටයුතු යාත්‍රා හදුනා ගැනීමේ ආවේෂණ රාජකාරියේ නිරතව සිටියදි යාත්‍රාවේ එංජිමේ කිසියම් දෙයක් පැටලී සිරවීමෙන් යාත්‍රාවේ එංජිම ක්‍රියා විරහිත වී ඇති බවට තොරතුරු අනාවරණය වු බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
ඔවුන් දින කිහිපයක් පුරා මහත් පරීශ්‍රමයක් යොදා එංජිමේ පනගැන්වීමට උත්සහ ගෙන ඇති බවත්, එය ව්‍යර්ථවීම නිසා ශ්‍රි ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට නාවික සැතපුම් 430 ට ආසන්න දුරක් ජාත්‍යන්තර මුහුදු සීමාව වෙත යාත්‍රාව ගසාගෙන ගොස් ඇති බවද හෙතෙම කීය. ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී මෙම යාත්‍රාව අසලින් වෙළඳ නෞකාව ගමන් ගත් බවත්, පිරිස ඔවුන්ගෙන් ආධාර ඉල්ලා කෑ ගැසුවද එම නෞකාවලට මෙය නිරීක්ෂණය වී නොමැති බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
යාත්‍රාව ජාත්‍යන්තර මුහුදු සීමාව වෙත ගසාගෙන ගියද ඔවුන් එහි එංජිමක ක්‍රියාත්මක කර ගැනීමට විශාල වෙහෙසක් ගෙන ඇති බවත්, මෙම මස 09 දින ඔවුන්ට යාත්‍රාවේ එංජිම ක්‍රියාත්මක කර ගැනීමට හැකි වී ඇති බවද හෙතෙම කීය.
එංජිම ක්‍රියාත්මක කර ගෙන ගොඩඩබිම වෙත එමන් සිටියදී එය යළිත් ක්‍රියා විරහිත වී ඇති බවත්, පසුව එය යළිත් පනගන්වමින් පිරිස මෙරට මුහුදු සීමාව වෙත පැමිණ ඒ බව නාවික හමුදාවේ ඒ 521 නෞකාව වෙත දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම මෙහෙයුම අඩාල වීමෙන් උකහාගත් අත්දැකීම් අනාගතයට බෙහෙවින්ම වැදගත් වේවි. සෑම කලුවලාකුලකම රිදී රේඛාවක් ඇති බව ප්‍රචලිතයි. මෙහෙයුමේ නිරත වූ නාවික විරුවන්ට කඩවර ශක්තිය ලැබේවා... !!!
නරක ආරංචි ලැබෙන කාලේ තවත් ඛෙදවාචකයකින් අවසන් නොවීම සතුටුයි.
හ්ම්.මාසයක් ජලය,ආහාර නැතුවත් පිරිස හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉඳලා නේද?
කාලෙකින් සතුටුදායක පුවතක් ඇහුනේ...
ලඟින් ගිය වෙළඳ නැවකට කෑ ගාහලා වැඩක් නැතිබව නාවිකයෝ දන්නේ නැද්ද? කොහොම උනත් ආපදාවකට සුදානම්ව නොතිබුන බව නම් පැහැදිලී. ඒ ආපදාවකදී වෙනත් නැවකට සන්ඥා දීමට යාත්‍රාවේ ගෙනයන ෆ්ලෙයාස් Flares වත් තම යාත්‍රාවේ නොතිබීමයි.