
(ඉන්දිකා රාමනායක, ළහිරු හර්ෂන සහ එච් එම් ධර්මපාල)
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටියදී මීට මාස 8 ට පමණ පෙර අතුරුදන්ව සිටි නිල් මාල ගිරවා නැවත හමු වු බව සත්වෝද්‍යාන පවසයි.
කළුබෝවිල ප්‍රදේශයේ යුවළක් මෙම ගිරවා ඊයේ (26) සත්වෝද්‍යාන වෙත බාර දී ඇත.
එම ගිරවා මීට මාස කිහිපයක පෙර කළුබෝවිල පිහිටි නිවසට එකවර පියාඹා පැමිණි බවත්ල කිසිදු හිමිකරුවෙක් ගිරවා සොයා නොපැමිණීම නිසා කළුබෝවිල නිවසේ දී මේ දක්වා ගිරවා ඇති දැඩි කර ඇති බවද සත්වෝද්‍යාන ප්‍රකාශයයෙක් පැවසීය.
ගිරවාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරවීම නිසා නිවසේ සිටින්නෙ සත්වෝද්‍යානයේ අතුරුදන්ව සිටින නිල් ගිරවා බවට සැකකර නිවසේ යුවළ ගිරවා සත්වෝද්‍යානය වෙත බාර දුන් බවද එම ප්‍රකාශකයා කියයි.
මෙම ගිරවා නැති වු නිල් පිරිමි ගිරවා බවට හදුනාගෙන ඇත.
ගිරවා ලැබීමත් සමග සත්වෝද්‍යානය ඒ සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය දැනුවත් කිරීමෙන් පසු දෙහිවල පොලිසිය එම ස්ථානයට පැමිණ අදාල යුවළගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ද ලබාගත් බව පොලිසිය පවසයි.
මේ අතර ඉකුත් සැත්සැම්බර් මස දිනක සත්වෝද්‍යාන කූඩුව හරන අවස්ථාවේ ඉන් පියාඹා ගොස් සිටි නිල් මැකෝ වර්ගයේ ගිරවියෙකු ද ඊයේ :26* රත්මලාන ප්‍රදේශයේ නිවසකින් අත්අඩංගුවට ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මේ අතර ඉකුත් සැප්තැම්බර් මස දිනක සත්වෝද්‍යාන කූඩුව අරින අවස්ථාවේ ඉන් පියාඹා ගොස් සිටි නිල් මැකෝ වර්ගයේ ගිරවියෙකු ද ඊයේ (26) රත්මලාන ප්‍රදේශයේ නිවසකින් අත්අඩංගුවට ගෙන ඇත..." සත්තුන්වත් අත්අඩංගුවට ගන්නා පුදුම රටක්. අනේ මන්දා...!!! මගේ ඇස්වල අප්සෙට් එකක් වත්ද?
පසුගිය දිනක ඕකෙ හිටපු නෝනා කෙනෙක් ඉල්ලා අස්වුණා නේද? එතුමිය කියලා තිබ්බා නේද මේකෙ තිබෙන වංචා, දූෂණ එක්ක එතුමියට රාජකාරි කරන්නත් බැහැ කියලා.. වහාම ඒ ගැන පරීක්ෂණ කරන්න කියලා. හිතාගන්න පුළුවන් අපේ රට හදන්න බැහැ අරාබියේ නීති නැතුව. කසල ශෝධකයාගේ ඉඳන් (අපහාසෙකට නොව) මහඑකා දක්වාම හොරකම, වංචාව, මැරකම, දූෂණය, බොරුව මේ පංච බලවේගෙම ඉහළින්ම ප්‍රගුණකරලා තියෙන්නේ. හරියට වැඩකරන මනුස්සයෙකුට ඉන්නත් බැහැ. ඉන්න දෙන්නෙත් නැහැ. අහෝ අපේ අනාගත පරපුර... !
ඔය අහිංසක සත්තු කූඩුවල හිරකරගෙන ඉන්න එක මහාමමහා පාප කර්මයක්. ඒ වැඩේට සම්බන්ධ කීප දෙනෙක් අල්ලලා පැය දෙකතුනක් ඔය ගිරා කූඩුවක හිරකරලා දාලා පරණ කෙසෙල් ගෙඩි කන්න දෙන්නයි තියෙන්නේ... එතකොට තේරෙයි මේ සත්තු විඳින මානසික වගේම ශාරීරික අසහනයේ තරම...