(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
හාල්, පිටි, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන ආරක්ෂක පනත යටතේ නිකුත් කළ හදිසි නීති රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය පිළිබද යෝජනාව වැඩි ඡන්ද 81 කින් පාර්ලිමේන්තුවේදී අද (6) පස්වරුවේ සම්මත විය.
හදිසි නීති රෙගුලාසි වලට පක්ෂව ඡන්ද 132ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 51ක් පමණි.
සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
මෙම රෙගුලාසි පිළිබඳ විවාදය අද (6) උදේ 10.30ට ආරම්භ විය. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු 20 කට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.
ජනාධිපතිවරයා මෙම හදිසි නීති රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කළේ පසුගිය සතියේදීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.