(දයාසීලි ලියනගේ)
ඉදිරි මාස 6ක කාලය තුළදී අත්‍යවශ්‍ය භාණ්ඩ 15කට ස්ථාවර මිලක් පවත්වාගෙන යාම සඳහා ගිවිසුම් අත්සන් කරන බව වෙළඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීය.
හාල්, පිටි, සීනි, පරිප්පු, සැමන් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 15ක මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ආනයනකරුවන්, නිෂ්පාදකයන් හා වෙළඳ ආයතන අතර ගිවිසුම් අත්සන් තැබෙන බවද ඇමැතිවරයා කීය.
ඒ සඳහා අද(26) එක් එක් අත්‍යවශ්‍ය භාණ්ඩයක් සඳහා වෙන් වෙන් වශයෙන් ගණනය කරනු ලබන බවද, බන්දුල ගුණවර්ධන මහතා කීය.
මෙම ගිවිසුම්වලට බොහෝදුරට මේ සතියේ ම අත්සන් තැබෙන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් විහිළුවක් වගේ... සිල්ලර කඩේ මුදලාලි ඔය කියන ගිවිසුමට අත්සන් කරනවාද?
2500 න් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියපු කෙනා. පවුලකට මාසෙකට සීනි කිලෝ 1ක් ඇතියි කියපු කෙනා. අනේ තවත් විහිළු කරන්නේ නැතුව ඉන්න.
ඩොලර් එක රුපියල් 100ට බස්සනවා කියලා කයිවාරු ගැහුවා.
ඇයි මේ සැරේ ගැසට් ගහන්නේ නැද්ද?
කටින් බතල සිටුවීම...
අපේ ගුරුතුමෝ... මො වැඩේවත් නාගන්නේ නැතිව කරමුද? හාල්, පොල් වැඩේ අනාගත්තා. ඔබතුමන්ව දැන් වැඩි පිළිගැනීමක් නැහැ. මොකද කියන්නේ ඕවා බොරු දේවල්නේ..?
කෝ අර හාස්‍ය වෙළඳසල් කියා කඩ 1000ක් විවෘත කරන්න කිව්වා නේද? රට පුරා කන්ටේනර් පෙට්ටිවල භාන්ඩ මිල පහත දමන්න. ඒ අදහස අතහැර දැම්මද?
ගැසට් එකකින්ද?
මහත්තයෝ ගැසට් නිවේදනයකින් සම්බා කිලෝවක මිල ගිය දෙසැම්බර් මාසයේ මාසයේ රුපියල් 93ක් කළා නේද? දැන් කොහෙද රුපියල් 93ට සම්බා තියෙන්නේ...? රට්ටු හිනස්සන කතා මෙව්වා..