(ඩයනා උදයංගනී)
මහරගම අපේක්‍ෂා රෝහලේ හිඟ පිළිකා ඖෂධ කඩිනමින් ගුවන් මගින් ගෙන්වන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මේ වන විට මහරගම අපේක්‍ෂා රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 5ක හා තවත් ඖෂධ වර්ග 7ක හිඟයක් පවතින බවත්, ඒ හේතුවෙන් එම ඖෂධ ලබාදිය යුතු රෝගීන් රෝහලට ඇතුළත් කරගැනීම පවා තාවකාලිකව නවත්වා ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන් විසින් අමාත්‍යාංශයට දැනුම් දී තිබූ බව එම අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
තවත් ඖෂධ වර්ග 71ක පමණ හිගයක් රෝහල්වල පවතින බවත්, මාස දෙකක පමණ කාලයක් තිස්සේ පැවති දේශපාලන අර්බුදය හේතුවෙන් මෙම හිගය ඇති වී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
මහරගම අපේක්‍ෂා රෝහලේ නේවාසිකව සහ බාහිරව ප‍්‍රතිකාර ලබන රෝගින් සඳහා අත්‍යවශ්‍ය මෙම ඖෂධ වර්ග රෝහලට කඩිනමින් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය සැපයුම් අංශයට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා නිළධාරින්ට උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව එක් ඖෂධයක් ගුවන් මගින් ද තවත් ඖෂධයක් දේශීය නියෝජිතයා මගින් හා සෙසු ඖෂධ හදිසි මිල දී ගැනීම්වලින් ලබා ගැනීමට තීරණය වී ඇතැයි එම ප‍්‍රකාශකයා කියා සිටියේය.
පවතින ඖෂධ හිඟය කඩිනමින් විසදීමට ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති අතර එහිදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන් බව ද ඔහු ප‍්‍රකාශ කළේය.
පිළිකා ඖෂධ කඩිනමින් ලබා දීමට අපොහොසත් වන සැපයුම්කරුවන් අසාදු ගත කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට මෙහිදී උපදෙස් දුන් බව ද ඔහු කීවේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් (වෛද්‍යසැපයුම්) ලාල් පනාපිටිය මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජී එම්ඕ ඒ එක වර්ජනයක් කරයිද?
අඬන්න ඕනලු කිරි එරෙන්න......
පිළිකා ඖෂධ ගුවන් මගින් ගෙන්වන්න ඕන වෙනකන් හිටියේ මොකද? ඉදිරියේදී මෙහෙම නොවෙන්න වග බලාගන්න මොනවද ගත්තු ක්‍රියා මාර්ග නැත්නම් අපහු ටෙන්ඩර් නැතිව හදිසියේ ඕඩර් කරන්න පුළුවන්..... කල්ල මරේ.
මේ තරම් දුෂණ චෝදනා තියෙන මේ පුද්ගලයාට ආයෙත් ඇමතිකම දුන්නානේ. ඕක තමයි අපේරටේ දේශපාලන මාෆියාව. මෙයා හරි උනන්දුයි පිළිකා රෝගයට භාවිතාකරන බෙහෙත් වර්ග ගැන. ලංකාවේ රෝහල්වල සේවය කරන පිළිකා රෝග විශේෂඥයන්ටත් මෙයා උපදෙස්දෙනවා.
සිරිසේන මහත්තයගේ අනියම් හොර කැබිනෙට්ටුවේ හිටපු සෞඛ්‍ය ඇමති කවුද? එයාට රටට අවශ්‍ය පිළිකා ඖෂධ ටිකවත්, ඒවගේම අනෙකුත් හදිසි බෙහෙත් ආදියවත් ගැන කිසිම දැනීමක් නොමැති බව පැහැදිලිවම පේනවා! රෝගීන්ගේ වාසනාවකට අධිකරණ තීන්දුව මගින් නව රජයක් රටට ලබාදීම ගැන විනිසුරුවරුන්ට රෝගීන් පින් දෙනවා ඇත...
සෙල්ලම් ආණ්ඩු හදලා රටම අරාජික කලා. ඒ මාස දෙකේ රජයේ කිසිම පරිපාලනයක් තිබ්බේ නැහැ. දැන් ඒ විපාක තමයි මේ එන්නේ. දැන් මේ අසරණ ලෙඩ්ඩුන්ට වගකියන්නේ කවුද?
රටකට බෙහෙත් ගන්නේ මස දෙලකට නෙවෙයි. මෙගා ගජබින්න. අසාර්ථක ඇමති ගේ අසාර්ථක තර්ක.