(ඉන්දිකා රාමනායක)

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියේ පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දී ඇති බව පොලිසිය කියයි.

දේවස්ථානයෙන්  සොයාගත් අත්බෝම්බය නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිලියක තිබී මෙයට පෙර සොයාගත් කාල බෝම්බය  ආකාරයට සකස්කර තිබු සමාන සැකසුමක්  බවට  විමර්ශන  වලදී අනාවරණය වී ඇති බව  පොලිසිය පවසයි.

එම බෝම්බයට මදුරු දගරක් සවිකර කාල බෝම්බයක් ආකාරයෙන් සකස් කර තිබු බවත්  මෙම බෝම්බය   හදුන්කූරක් සවිකර තිබු බවද පොලිසිය කියයි.

 සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට බාර දී ඇත.