(ගයාන් සූරිය ආරච්චි)

පාද ගැට ගසා අත් දෙකට ගල් දෙකක් බැඳ දියේ ගිල්වා ඝාතනය කළ පුද්ගල සිරුරක් පින්දෙණිය ගුරු ගොඩ ඔයෙහි තිබී ඊයේ (9) සොයා ගත් බව පින් දෙනිය පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ පිටගල් දෙනිය ප්‍රදේශයේ පදිංචි රෝහණ ජයන්ත (54) හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා අතුරුදන් වී ඇතිබවට ඔහුගේ පුතා  ඊයේ (9) පින්දෙණිය පොලිසියට පැමිණිලි කර තිබුණි. ඒ අනුව සිදුකළ විමර්ශන වලදී එම පුද්ගලයාගේ මළ සිරුර ගුරු ගොඩ ඔයෙහි තිබී පොලිසිය සොයාගෙන ඇත.