
(එස්.යූ.ඩබ්ලිව්.කේ.ජයවර්ධන)
අත්තනගල්ල අලවල ඇතාවුඩකන්දේ සුසාන භූමියකයට කඩාවැඳුණු දිවියකු එහි සිටි ගවයන් දෙදෙනකු මරා කා දමා ඇතැයි අත්තනගල්ල පොලිසිය පවසයි.
සුසාන භූමියේ බැඳ සිටි එක් එළ ගවයකු මරාදමා ඇති බව ද අනෙක් මරා කන අයුරු ගවයන්ගේ හිමිකරු දැක ඇත.
ඒ අවස්ථාවේ බියට පත් වූ ගවයන්ගේ හිමිකරු අසල ගසකට නැඟ කෑ ගසා ඇති අතර ඒ අවස්ථාවේ කොටියා කැලයට ගිය බව ද ඔහු පවසයි.
පසුව ඒ සම්බන්ධයෙන් ඔහු ඥාතීන්ට දුරකතනයෙන් දැනුම් දී ඔවුන් පැමිණි පසු ගසෙන් බැස ගොස් බලන විට ගවයන් දෙදෙනා මරා එක් ගවයකුගේ බෙල්ල ප්‍රදේශයේ මස් කා දමා තිබූ බව ද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ හරකුන්ටත් දේශපාලුවෝ කරන්නෙත් ඕකම තමයි
පාර වැරැදිලා ගිය කෙනෙක් වෙන්ඩැති. යන්න තිබුණේ මැදමූලනේට, නැත්නම් දියවන්නාවට...!