නාලක සංජීව දහනායක
ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා තමන් මුණගැසීමට තම නිවසට හා කාර්යාලයට පැමිණි බව ජාතික නිදහස් පෙරමුණේ නායක හා කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (17) පැවසීය.
එහෙත් එම අවස්ථාවලදී තමන් නිවසේ නොසිටි බැවින් ඔහු නිවස තුළට ගෙන නැතැයිද එහෙත් තමන් මුණගැසිය යුතු බව සඳහන් කරමින් ඔහු නිවස ඉදිරිපිට රැදී ඇතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
එම ඉන්දීය ජාතිකයා ඉන්දීය රෝ ඔත්තුකරුවකු බවට මේවනවිට තොරතුරු අණාවරණය වී ඇති බවත් රාජේන්ද්‍ර කුමාර් යනුවෙන් ඔහු සංවිධානය තුළ හඳුන්වන බවත් ඔහුට ආර්.බී 317217/වී.ජේ දරණ අංකයෙන් යුතු හැඳුනුම්පතක් ද රෝ සංවිධානය නිකුත් කර තිබූ බවද කී මන්ත‍්‍රීවරයා කීය.
දේශපාලන රැකවරණ ලබාගැනීම සඳහා බව පවසමින් 2015 ජනාධිපතිවරණයට පෙර ඔහු මෙරටට පැමිණ ඇතැයිද සඳහන් කළ මන්ත‍්‍රීවරයා රෝ ඔත්තු සේවයෙන් ලැබුණ මුදලින් ඔහු ලංකාවේ ජීවත් ව ඇති බවද වීරවංශ මන්ත‍්‍රීවරයා පැවසීය.
ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (17) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට කියලා පාස් පෝර්ට් එකක්... හදාගෙන නැවතී ඉන්න... රජයේ නිවසක් ලබාගන්න එන්න ඇති.... ඒවගේ දේවල් කරන්නේ හොරෙන්නේ...
පිස්සන් කොහොමත් පිස්සන් කොටුතියන පැතිවල බහුලව දකින්න පුළුවන්...
ප්‍රභූ ලැයිස්තුවේ මෙතුමාගේ නමත් ඉහළින් තිබුණු බවක්ද මේ කියන්නේ?
හොර පාස්පෝර්ට් විශේෂඥයෙක් බව ඉන්දියාවටත් ආරංචි වෙලාද? බිස්නස් එක හොඳට යනවා වගෙයි!
ලොකු මිනිහෙක් නෙව හම්බවෙන්න ඇවිල්ල තියෙන්නේ. සමහරවිට ඉන්දියානුවන්ගේ බිස්නස් එකකටත් වෙන්න බැරි නැහැ... අනිත් අයත් බොරු කියමින් පුවත් මවන කාලේ මේයත් ටොම් පචයක්...
එක්කෝ පාස්පොර්ට් එකක් හදාගන්න අාවා වෙන්න ඇති... එහෙම නැත්තම් නෝනා බලන්න අාවද දන්නේ නෑ නේ...
ඉන්දියානුවෝ හරක් මස් කන්නෙ නෑනේ...
ගෙවල් පැත්තේ කරක් ගහනවා කියන්නේ ඉතින් ම්ම්ම් හිතන්න දේකුත් නැත්තේම නැහැ