(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකොළොස් දෙනා මෙවර ශ්‍රීලනිප මැයි දින රැලියට සහභාගී නොවීමට තීරණය කර ඇතැයි එම කණ්ඩායමෙි මන්ත්‍රීවරයෙක් පැවසීය.
මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරු 14 දෙනෙක් තේරී පත්වූහ.
එම මන්ත්‍රීවරුන් අතුරින් එකොළොස් දෙනෙක් රජයට සහයෝගය පළ කරමින් අමාත්‍ය ධුර සහ රාජ්‍ය අමාත්‍යධුර ද බාර ගත්හ.
මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධාන කරන මැයි දින රැළියට හෝ පෙළපාළියට සහභාගී නොවී සිටීමට තම කණ්ඩායම තීරණය කළ බව රජයට සහයෝගය පළ කරන ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට බොහෝ වැඩදායි පක්ෂයක් වශයෙන් අතීතයේ කටයුතු කල ශ්‍රීලනිපය වනසාලුයේ සිරිසේන නමැති බලලෝභියා විසිනි. එහි මෙවර මයි රැලියට අතේ ඇගිලි ගණනෙවත් මිනිස්සු සහභාගී උනොත් ලොකු දෙයක්ය.
පක්ෂ ලාංඡනය ත්‍රී වීල් එකට මාරු කරන්න කාලය හරි.
අතේ වියදම හොයාගත්ත විදිය බලන්න ඕනෑ මැයි රැලිය පවත්තන්න.
ජනතාවනි, මැයි දින රැලිය ඔබේය. එය දේශපාලකයින් ගේ නෙමේය. මැයි දිනයේ නිවසේ සිට විවේක සුවයෙන් ගත කරන්න. දේශපාලකයින්ට කඩේ නොයන්න. දේශපාලකයින් ඔවුන්ගේ පවුල්වල එවුන් රැලියකට එක්කන් එන්නේ නැත...