
(තිලකරත්න දිසානායක)
පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් පසුපස වැලිවේරියේ සිට පන්නා ගොස් ගම්පහ , අස්ගිරිය ප්‍රදේශයේදී වෙඩි තබා අල්ලා ගත් බව පොලීසිය සදහන් කරයි.
වැලිවේරිය පොලීසිය ඇඹරළුව ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදා සැක සහිත වාහන පරීක්ෂා කරමින් සිටියදී පැමිණි වෑන් රථයකට නවතාලන ලෙස සංඥා කළද නොනවත්වා ධාවනය කර ඇත.
වැලිවේරිය පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සදරුවන් මහතා ඇතුලු නිලධාරීන් එම වෑන් රථය පසුපස හඹා ගොස් ඇති අතර වෑන් රථය ඔරුතොට මාර්ගය ඔස්සේ ගම්පහ නගරය හරහා මිනුවන්ගොඩ මාර්ගය ඔස්සේ අධික වේගයෙන් ධාවනය කරද්දි අස්ගිරිය මල්වත්ත හන්දිය ආසන්නයේදී එක්වරම නවතා පසුපසට ධාවනය කිරීමෙන් පොලිස් ජීප් රථයේ ගැටී ඇති බවත් මෙම අවස්ථාවේ වෙඩි තබා වෑන් රථය පැදවූ තැනැත්තා මෙල්ල කර ගත් බවත් පොලීසිය පවසයි.
වෙඩි වැදී ඇති පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කොට ඇති අතර මොහු වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයකු බවත් පොලීසිය කියයි.
සැකකරු වෑන් රථය පසුපසට ධාවනය කිරීමේදී පොලිස් ජීප් රථයෙහි සහ ධාවනය වෙමින් තිබූ තවත් වාහන තුනකද ගැටී ඇති බවද පොලීසිය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd