(ඩයනා උදයංගනී)

අඩු ආදායම්ලාභීන් සඳහා මෙවර අයවැය මගින් ‍ යෝජිත ගෘහ ආර්ථික සුරක්ෂිතතා (සහන මල්ල) වැඩසටහන යටතේ සෑම ග්‍රාම නිලධාරී වසමකින්ම තෝරාගත් පවුල් 40කට බැගින් රුපියල් 2000ක් වටිනා සහන මල්ලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මීට අමතරව වතු කම්කරු පවුල් 115,867 ක් සඳහා මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක් බැගින් සහන මිලට ලබාදීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සහන මල්ල ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන පවුල් සඳහා ඩිජිටල් කාඩ්පතක් නිකුත් කෙරෙන අතර ඔවුන්ට එය භාවිතා කරමින් සුපිරි වෙළඳසැල් හරහා සහනමිලට භාණ්ඩ ලබාගත හැක.