(ඉන්දිකා රාමනායක)
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාට නැගෙනහිර පළාතට ලබා දී තිබු ස්ථාන මාරුව ජාතික පොලිස් කොමිෂන් සභාව අද (26) පස්වරුවේ අවලංගු කර ඒ මහතා පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවීම් කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.
නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් ලබාදී තිබු ස්ථාන මාරුවට එරෙහිව අජිත් රෝහණ මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කර තිබුණි.
එම ලිපිය ජාතික පොලිස් කොමිසම සභාවේ අද පස්වරුවේ පැවති රැස්වීමකදි විශේෂ සාකච්ඡාවකට බදුන්කර එම ස්ථාන මාරුව අවලංගු කිරීමට ඒකමතිකව තීරණයකට එළඹී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව අජිත් රෝහණ මහතාගේ ස්ථාන මාරුව අවලංගු කරමින් ජාතික පොලිස් කොමිෂන් සභාව ඒ මහතා පොලිස් මූලස්ථානය වෙත ස්ථාන මාරුවීම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නෙ ඊළඟට ලොක්කා කියලද
ටිරාන් ඇමතියා හා ඔහුගේ ලේකම් ක්‍රියාකළ ආකාරය හරිම අපූරුයි නේද ? රටේ මෙවන් ඇමතිලා නියෝජ්‍ය පොලිස්පති වරයෙකුට එරෙහිව මෙසේ කටයුතු කරන්නේ නම්,සාමාන්‍ය සිවිල් වැසියන් වෙත කෙසේ කරාවිදැයි සිතාගත හැකිය.පොලිස් කොමිසම කළයුතු වන්නේ, අජිත් රෝහණ මහතා ලවා මේ ඇමතියාට හා ලේකම් වරයාට නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඉගැන්වීමට සැලැස්වීමයි.
ස්තනවීම අවලංගුකල නීතිය ස්තාන මාරුවිම් ලබා අනිකුත් නිලදාරින්ට බලපාන්නෙ නැැද්ද?
පොලිස් මූලස්ථානට මාරු කලා කියන්නෙ දඩුවම තවත් බරපතල කලා කියන එකයි. අනේ මන්දා, මේ රට ගමන් කරන්නේ බලු ගුදය පැත්තටමයි. ආණ්ඩූකාරයො කැමති ඒ පැත්තටමයි.
දේසපාලුවෝ ඇගිලි නොගහන තැනක් නැහැ .අදිකරණය පවා දේසපාලණීකරණය වෙලා ?