IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අජිත් රෝහණගේ ස්ථාන මාරුව අවලංගු කරයි

(ඉන්දිකා රාමනායක)

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාට නැගෙනහිර පළාතට ලබා දී තිබු ස්ථාන මාරුව ජාතික පොලිස් කොමිෂන් සභාව අද (26) පස්වරුවේ අවලංගු කර ඒ මහතා පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවීම් කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් ලබාදී තිබු ස්ථාන මාරුවට එරෙහිව අජිත් රෝහණ මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කර තිබුණි.

එම ලිපිය ජාතික පොලිස් කොමිසම සභා⁣වේ අද පස්වරුවේ පැවති රැස්වීමකදි විශේෂ සාකච්ඡාවකට බදුන්කර එම ස්ථාන මාරුව අවලංගු කිරීමට ඒකමතිකව තීරණයකට එළඹී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව අජිත් රෝහණ මහතාගේ ස්ථාන මාරුව අවලංගු කරමින් ජාතික පොලිස් කොමිෂන් සභාව ඒ මහතා පොලිස් මූලස්ථානය වෙත ස්ථාන මාරුවීම් කර ඇත.

 



අදහස් (5)

අජිත් රෝහණගේ ස්ථාන මාරුව අවලංගු කරයි

චිරන්ත Thursday, 27 April 2023 05:55 AM

ඒ කියන්නෙ ඊළඟට ලොක්කා කියලද

:       1       4

Samitha S. Aluthgamage Thursday, 27 April 2023 06:51 AM

ටිරාන් ඇමතියා හා ඔහුගේ ලේකම් ක්‍රියාකළ ආකාරය හරිම අපූරුයි නේද ? රටේ මෙවන් ඇමතිලා නියෝජ්‍ය පොලිස්පති වරයෙකුට එරෙහිව මෙසේ කටයුතු කරන්නේ නම්,සාමාන්‍ය සිවිල් වැසියන් වෙත කෙසේ කරාවිදැයි සිතාගත හැකිය.පොලිස් කොමිසම කළයුතු වන්නේ, අජිත් රෝහණ මහතා ලවා මේ ඇමතියාට හා ලේකම් වරයාට නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඉගැන්වීමට සැලැස්වීමයි.

:       0       21

ravin Thursday, 27 April 2023 06:56 AM

ස්තනවීම අවලංගුකල නීතිය ස්තාන මාරුවිම් ලබා අනිකුත් නිලදාරින්ට බලපාන්නෙ නැැද්ද?

:       0       8

C.K.Lankaputhra Thursday, 27 April 2023 10:02 AM

පොලිස් මූලස්ථානට මාරු කලා කියන්නෙ දඩුවම තවත් බරපතල කලා කියන එකයි. අනේ මන්දා, මේ රට ගමන් කරන්නේ බලු ගුදය පැත්තටමයි. ආණ්ඩූකාරයො කැමති ඒ පැත්තටමයි.

:       1       15

විපරමා Thursday, 27 April 2023 03:02 PM

දේසපාලුවෝ ඇගිලි නොගහන තැනක් නැහැ .අදිකරණය පවා දේසපාලණීකරණය වෙලා ?

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site