(නිමන්ති රණසිංහ)
ස්ථාන මාරු කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නියෝග නිකුත් කිරීමේ බලයක් නැතැයි දකුණු පළාත් බර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ලිපියක් මගින් එම අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාට දැනුම් දී ඇත.
ඒ අනුව එම නියෝගය පිළිපැදීමට තමන් බැඳීම් නොමැති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ලිපියෙන් සඳහන් කර තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට නියෝග නිකුත් කරනු ලැබුවේ ඊයේ (25) දිනයේදීය.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊට එරෙහිව මෙම ලිපිය යොමු කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීමට බලය ලබා ඇත්තේ ජාතික පොලිස් කොමිසමට බව ද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය ලිපියෙන් දැනුම් දී ඇත.
පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තිය අනුව සහ විජේසූරිය එදිරිව රජය 1974 එන් එල් ආර් 25 නඩුවේ නියෝග අනුව අනීතික නීතිය ක්‍රියාත්මක කිරීමට තමා බැඳීම් නොමැති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සිය ලිපියේ සඳහන් කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නීතිය දන්නව . එහෙම නේද?
ඇති යාන්තං! යමක් කමක් කියවන ..., ඇසූපිරූ තැන් ඇති එක්කෙනෙක්වත් පොලිස් සේවයේ සිටීම ගැන සතුටුයි.
සතුටුයි යකුනෙ කොන්දක් තියෙන නියම පොලිස් කාරයොත් අපෙ රටෙ ඉන්නව.
පොලිස් කොමිසම මගින් මෙම ස්ථානමාරු නියෝග නිකුත්කල බව මෙම ප්‍රවෘතියේ එක තැනක කියවේ. එසේනම් ගැටලුව කුමක්ද?
දේශපාලකයන්ට හිතවත් නිලධාරීන්ගේ අවශ්‍යතා ආරක්‍ෂා කිරීම සඳහා සහ සෘජු වක්‍ර දේශපාලන ඇගිලි ගැසීම් නිසා කැපවීමෙන් හා වෙහෙස මහන්සි වී වැඩ කරන නිලධාරීන්ට රාජ්‍ය සේවයේ තැනක් නැත. ජනාධිපති මෙය ගැන අවදානය යොමුකල යුතුයි.
ඇත්තටම ආඩම්බරයි.අන්න එහෙම තමයි ඉන්න ඕන.ඔබ එලෙස කටයුතු කරීමට ගත් තීරණය නිසා ඉදිරියේදී බලය අතික්කමණය නොකිරීමට ඒ අය වගබලා ගනීවි.ඔබ වැනි අය රජයේ සෑම ආයතනයකම සිටින්නේ නම් සාමාන්‍ය රජයේ සේවකයින්ට බලධරයින් නීතිය නොදැනීම නිසා සිදුකරන අනීතික වැඩ බොහෝ දුරට නතර කරගත හැකි වනු ඇති.
ජොබ් එකෙන් අස් වෙලා චන්දෙ ඉල්ලුවානම් හරි
අපි ඔබට රෙස්ප්ක්ට් කරනවා .කලාතුරකින් හෝ පිටකොන්දක් සහිත නිලධාරියෙක් වීම ගැන .මේ රටේ පොලිසිය විනාශ කලේ කාලකන්නි දේශපාලුවෝ සහ දූෂිත පොලිස් නිලධාරීන් .පොලිසිය ටිරාන්ගේ පවුලේ භූදලයක් නෙමෙයි
මෙන්න මෙහෙමයි රාජ්‍ය සෙවකයො ඉන්න ඔන තමුන්ගෙ සහ රකියවෙ ගවුරවය තියගෙන. එහෙම නැතුව දේශපලුවන්ගෙ පස්සවල් ලෙවකන්න නෙමෙයි නෙ ජනතා බදු වලින් වටුප් ගෙවන්නෙ.
කොන්ද පණඇති උසස් පොලිස් නිලධාරියෙකු දැකීම සතුටට කරුණක්. ඒ වගේම ටිරාන් හා ඔහුගේ ලේකම් නොදන්නා සැබෑ නීතිය ඔවුන්ට ප්‍රසිද්ධියේ කියාදීම බොහොම අගය කළ යුතු දෙයක්.
කෙලින් නිලධාරියෙක්. අපි ඔබට ගරු කරණවා.
එහෙයි සර් නොකියපු නියම පොලිස් නිලධාරියෙක් තමයි අජිත් මහත්තයා...
නිලධාරින් ස්ථාන පත්කිරීම, උසස් කිරීම, විනයානුකූලව කටයුතු කිරීම, ස්ථාන මාරුකිරීම, විශ්‍රාම ගැන්වීමට බලය අමාත්‍ය මණ්ඩලය වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පැවරී තියෙනවා. එම බලය අමාත්‍ය මණ්ඩලය කොමිසම වෙතට පැවරුවත් අමාත්‍ය මණ්ඩලයේ වගවීම එලෙසම පවතිනවා. ඇමැතිට තිබෙන බලය ක්‍රියාත්මක කරන්න වෙන්නේ ලේකම්වරයාට කියලා තමයි අපිට කියන්න තියෙන්නේ එයවත් නොදන්නා... මහතෙකු ගැන කවර කතාද මහත්තයෝ..?
මේක අරගලයේ ප්‍රතිඵලයක් තමයි.
කිසියම් පුද්ගලයෙකුට හෝ අදාළ අමාත්‍යංශයට නොමැති බලයක් මත එසේ නියෝග ලබාදී ඇති ස්ථාන මාරුවක් පිළිබඳව ඔවුන්ට විරුද්ධව ගත හැකි ක්‍රියාමාර්ගයක් නැද්ද? ස්ථාන මාරුව ක්‍රියාත්මක නොවෙනවා මෙන්ම අදාළ පුද්ගලයින්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. එසේ නොමැතිව කවදාවත් මේ රටේ නීතිය ස්ථාපිත කළ නොහැකියි.
මාතර උසාවියෙ මගුල් සක්වල දාල යන්න හිත් දෙන්නෙ නැතුව ඇති.
මේ මාරුකිරම් දූෂිත දේසපාලුවන්ගේගේ ඕනෑකමට කරන වැඩ.
ටිරාන් අලස් හිතාගෙන ඉන්නේ මහ ලොකු නීතී විසාරදයෙක් කියලා. කොටින්ට පගාව දීලා උතුරේ චන්දෙ වළක්වන්ඩ ගිය කෙනෙක් ? දූෂිත දේසපාලුවන්ගේ පදේට නටන්නේ අහවල් දේකටද?
සමහර අවංක පොලිස් නිලධාරීන්. දූෂිත දේශපාලුවන්ගේ අතකොළු බවට පත්වෙලා විනාශ වෙලා යනවා. අද පොලිසියේ පිරිහීමත් එකයි. හිටපු IG ඉලංගකෝන්... මහත්තයා අවංක කෙළින් වැඩ කරපු මහත්තයෙක්... ඔබටත් එසේ වෙවයි ජනතා පැතුමයි.
නිලධාරීන්ට ඕනෙ ඕනෙ සෙල්ලම් දාන්න ඉඩ දෙන්න එපා... කිසිම ආයතනයක ඕනෑම දේකට ක්‍රමවේදයක් තිබිය යුතුයි..කවුරුත් කියන කියන ඒවා? කරනවා නම් ඒ අයට විරුද්ධව නඩුමගට බැසීමයි කළ යුතු වන්නේ...