
(නිමන්ති රණසිංහ)
මෙරට ප්‍රධාන පෙළේ වාහන සේවා නඩත්තු ආයතනයක පරිගණක පද්ධතිවල ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 13 කට අධික මුදලක් වංචා කළැයි කියන එම ආයතනයේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ අඹුසැමි යුවළක් සහ සැකකරුවන්ට සැඟව සිටීමට ආධාර කළ පෞද්ගලික බැංකුවක කළමනාකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබහ.
අදාළ ආයතනයේ අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කල අඹු සැමි යුවළට සැඟව සිටීමට ආධාර අනුබල දීම හේතුවෙන් මෙම පෞද්ගලික බැංකු කළමනාකරු අත්අඩංගුවට ගත් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි .
මෙම ආයතනයට අයත් පැපිලියාන ප්‍රදේශයේ පිහිටි ශාඛා දෙකක පමණක් මෙම මුදල් වංචා කර ඇති මෙම සැකකාර අඹුසැමි යුවල තවත් ශාඛා කිහිපයකින් මෙවැනි ආකාරයෙන් රුපියල් කෝටි තිහකට අධික මුදලක් වංචා කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි
මෙම වංචා සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාගැනීමට පැමිණෙන ලෙස සැකකරුවන්ට දැනුම් දී තිබුණද ඔවුන් දීර්ඝ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහැර සිටි බවට ද කරුණු අනාවරණය විය.
මෙම ප්‍රධාන පෙළේ ආයතනයට දිවයින පුරා ශාඛා හතළිස් දෙකක් පමණ ස්ථාපිත ඇති අතර, ඒවායේ සිදුකළ විගණන පරීක්ෂණයකදී මෙම කරුණු හෙළි වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්තරා රටක ද එකම පවුලක පිරිසක් විසින් රටේ ආයතන වලින් 67% ක (2/3) ක පාලනය සහ ඔවුන්ගේ සුවිශේෂී පුද්ගලයින් ඉතිරි 33% න් ද වැඩි කොටසක් ද පාලනය කිරීමෙන් වංචා දූෂණ අවනීතිය එරට පුරා පැතිර ඇත. එරට වංචා හෙලිකරන්නන්, සාමාන්‍ය ජනයා වැනි අය අසරන කරමින් සහ වංචනිකයන්, මිනීමරුවන්, ත්රස්තවාදීන් ආරක්ෂා කිරීමක් සිදුවෙමින් ඇත. එම රට කුමක්ද කියා පලමුව පිළිතුර සපයා, ශ්‍රී ලංකාවේ භාවිත කරන ගෑස්සිලින්ඩරයක් සහ කාබනික දියර පොහොර කෑන් 1 ක් ලබා ගන්න.