(නිමල කොඩිතුවක්කු)

අගෝස්තු මාසයේ මුල් දින නවය තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,292 ක් හඳුනාගෙන ඇතැයි   ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 89,639 ක් වාර්තා වී ඇති බවද එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළේය.

ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 65ක් බවත් ඔහු පැවසීය.

ඉන් සියයට 70 ක්ම කාන්තාවන් බවත් වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළේය.

ඩෙංගු රෝගීන් වාර්තාවීමේ  යම් අඩුවක් දක්නට ලැබෙන බවත්  දිනකට 1300 ක් පමණ වාර්තා වූ ඩෙංගු රෝගීන් ප්‍රමාණය දිනකට 350 ක් 400 ක් ප්‍රමාණයකට අඩු වී ඇති බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.