IMG-LOGO

අගහිග කම් අහස උසට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පවුල් ආර්ථික අපහසුකම් නිසා බව කියමින් බාල වයස්කාර සිසුන් තිදෙනකු රැකියා සොයා නිවෙස්වලින් පලාගොස් ඇතැයි වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය පවසයි.

නිවෙස්වලින් පලාගොස් සිටින මෙම සිසුන් තිදෙනා අවුරුදු 14 – 15 යන වයස්වල පසුවන අතර වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබති.

ඔවුන්ගේ මවුපියන් කම්කරුවන් ලෙස සේවය කරන අය බවද කියති.

ආර්ථීක අපහසුතාවලින් පෙළෙන නිසා රැකියාවක් සොයා යෑමට අවශ්‍ය බව එක් සිසුවකු නිවෙසින් පලා යෑමට දින කිහිපයකට කලින් ඔහුගේ කිරි අම්මා සමග පවසා ඇතැයි පොලිසිය කියයි.

අනෙක් සිසුන් දෙදෙනා නිවෙස්වලින් පිටව ගොස් ඇත්තේ සංගීත සංදර්ශනයක් නැරඹීමට යන බව කියමින් යැයි පොලීසිය සඳහන් කරයි.

රැකියාවක් සොයා යන බව පැවසූ බව කියන සිසුවා, මිතුරු සිසුන් දෙදෙනාද ඔවුන්ගේ නිවෙස්වලින් පිටමං කරගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි.

එම බාල වයස්කාර සිසුන් දෙදෙනාද රැකියා සොයාගෙන යන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

මෙම පාසල් සිසුන් තිදෙනා ඉකුත් 14 වැනිදා නිවෙස්වලින් පලාගොස් ඇති අතර, ඔවුන් ගැන තවම කිසිදු තොරතුරක් ලැබී නොමැති බව පොලීසිය කියයි.



අදහස් (9)

අගහිග කම් අහස උසට

සුදුබණ්ඩා Tuesday, 18 April 2023 05:53 AM

බඩේ සිටින දරුවො ,උපන් අලුත දරුවො පෙර පාසල් දරුවො පාසල් දරුවො ලෙසට විවිධාකාරයෙන් බලන්න නිළධාරින් හැටහුටහමාරක් ඉන්නවා .ඒත් මෙහෙම දේවල් වෙනවා .ගමකට එකෙක් සංවර්ධන නිළධාරින් සිටිද්දී සමුර්ධිමත් කරන්නනත් එකෙක් ඉන්නවා. එහෙම තියෙද්දි මෙහෙම වෙන්නෙ කොහොමද .ඒ අතර සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම මසකට වරක් සම්බන්ධීකරණ රැස්වීමක් පවත්වනවා .ඒ එකම වෙලාවකවත් මෙහෙම ඒවා හසුවෙලා නැහැ කියන්නෙ නිළධාරින් රාජකාරි කිරීමේ දක්ෂතාවයද නැත්නම් කලයුතු රාජකාරි හදුනාගෙන නැතිවීමද කියලා තේරුම් ගන්න බැහැ .මේක හරියට පුබ්බෝවෙ කලුබණ්ඩා තමන්ගෙ හරකා හංවඩු ගැහුවා වගේ කියලා තමයි කියන්න වෙන්නෙ

:       0       34

චමින්ද Tuesday, 18 April 2023 05:57 AM

අතීතයේ මෙහෙම සිදුවීම් අනන්ත වෙලා තියෙනවා උදාහරණයක් හැටියට ආචාර්ය පබිලිස් සිල්වා මහතා දක්වන්න පුළුවන් ඒත් දැන් කාලයේ සමාජය ඉතාමත් විෂමයි නීති වැඩියි ඉතින් පබිලිස් සිල්වා මහතා වගේ අය හැදෙන්නේම නැහැ අන්තිමට මේ දරුවො රැදවුම් නිවාස ගතකර අනාතයෝ කරාවිද කියලා හිතෙනවා

:       4       13

අරවින්ද මොනරවිල Tuesday, 18 April 2023 07:48 AM

අවුරුදු හැත්තෑ. පහක් හොදටම කෙරුව කටිටිය රට පත් කරලා තියෙන තත්වය තමයි මේ. දැන් මෙයා 2040 වෙනතුරු කරන්න හදන්නේ රට තවත් අගාධයට දාන්න හදන එකයි.

:       3       35

PODDA Tuesday, 18 April 2023 09:12 AM

ආසියාවේ ආශ්චර්ය ?සෞභාග්‍යයේ දැක්ම ?

:       2       30

Rata Perata Tuesday, 18 April 2023 11:57 AM

අපේ රට තව දරටත් බංකොලොත් රටක් නෙමෙයි කියල සුත්තර පුංච කියනව. අනේ මන්ද මුන්ට පිස්සු ද කියල.

:       1       8

fairoos Tuesday, 18 April 2023 12:58 PM

අනේ කමක් නැහැ රනිල් රට ගොඩ දානව...... මීට බයියෙක්

:       1       9

සත්ත්‍යා Tuesday, 18 April 2023 01:40 PM

මේව දකින කියවන අපි පාලකයින්ට හෙන ඉල්ලන්නේ නැහැ ! ඒත් රටට ජාතියට හිතකර රජයක් ගොඩනැගීමට කලයුතු හැම දෙයක්ම කිරීමට , අපි තරයේ බලාපොරොත්තු වෙමු !

:       0       8

Demuni de Silva Wednesday, 19 April 2023 04:32 AM

ඵලදායී වෙනසක් අනිවාර්ය වේ!

:       0       1

Demuni Uduwara Wednesday, 19 April 2023 04:35 AM

ඵලදායී වෙනසක් අනිවාර්ය වේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 172 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 664 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1066 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site