(ප්‍රේමතිලක පෙරමුණ)
අගලවත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරු හතර දෙනෙකු අද (24) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී එක්සත් ජාතික පක්ෂයට එක්වූහ.
මෙසේ එජාපයට එක් වූයේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ නායක ප්‍රියන්ත විජේසිංහ ,ලසන්ත මල්ලවාරච්චි යන මන්ත්‍රීවරුන් දෙදෙනා සහ ආර්.ඒ.කේ එච්.රණසිංහ,යු.ලක්ෂ්මී ගුණසේකර යන මන්ත්‍රීවරියන් දෙදෙනාය.
කොළඹ සිරිකොත එජාප කාර්යාලයේ පැවැති මෙම හමුව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍ය අජිත් පී පෙරේරා,අගලවත්ත එජාප ප්‍රධාන සංවිධායක පී.ඩි අබේරත්න,අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති ජයසේන කඹුරාවල යන මහත්වරු සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා!!! එජාපයට ලොකු වාසියක්! කව්ද හලෝ ගිලෙන බෝට්ටුවලට ගොඩවෙන්නේ? මේ වගේ අමනයින් මිසක්.
මම හිතන්නේ සංස්ථාවල සභාපතිකම් ලැබෙයි කියා සිතනවා ඇති. ඔයිට වඩා හොඳයි කටුකම්බියක එල්ලුනා නම්
අම්මේ ...මේ අර ෆුට්නොට් මහෝෂද පණ්ඩිතයත් ඉන්නේ බොහොම අමාරුවෙන් හිනාවක් දාගෙන.සුත්තර පුන්චගෙන් ලකුණු ගන්න වෙන්න ඇති..ම්ම්..ම්ම්.. හොදා හොදා..
බමුණ ඔබගේ අවලාද ඔබටම බාරයි. රනිල්
ජයවේවා .. ඔවුන් එජාපයට එන එක අහන්න දෙයක්ද අරගොල්ලන් එක දවසක පොහොට්ටුවේ කියනවා තව දවසක නිදහස් සන්දානයේ කියනවා ඉතින් ඒ මිනිසුන් අතරමන් වෙලා ..
ඔය කට්ටිය ලබන පාර SLPP/SLFP හදන සන්ධානයෙන් කැපිලා ඉන්න කට්ටිය. ඔයගොල්ලෝ කොහේ ගියත් යන එනමන් නැතිවෙනවා.
එජාපෙට කවදාවත් අගලවතත් දිනන්න නොහැකියි . මන්ද මෙරිල් කාරියවසම්ගෙන් පසුව හරිහමන් සංවිධායක කෙනෙක් අගලවත්තට සොයාගන්න එජාපෙට තවම බැරිඋනා . මෙදාපාරත් එජාපෙ අගලවත්තෙන් පරදවෙනවා ස්ථිරයි . අගලවත්ත දිනන්න එජාපෙට උවමනා නැහැ . අගලවත්තේ එජාපෙ සාමාජිකයින්ව අවදිකරවාගෙන ගමනක් යන්න පුළුවන් ස්න්විධයකයෙක් පත්කරනන එජාපෙ නයකයිගේ අවධානය යොමුවේවා
මෙහෙම ගියොත් අන්තිමට... පොහොට්ටුවට ඉතුරු වෙන්නේ අකලට පරවෙලා ගිය, පොහොට්ටුවක් විතරයි ...!