(මුදිතා දයානන්ද)
අගමැතිවරුන් දෙදෙනා වෙනුවෙන් ඡන්දය නොදෙන අතර දේශපාලන කුමන්ත්‍රණය පරාජය කිරීම වෙනුවෙන් පාර්ලිමෙන්තුව කැඳවූ පසුව ලැබෙන ඕනෑම අවස්ථාවකදී ඡන්දය භාවිතා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (05) පැවසීය.
දිසානායක මහතා මෙසේ පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
26 වැනි සිකුරාදා සිදුවූයේ දේශපාලන කුමන්ත්‍රණයක් වන අතර පාර්ලිමේන්තුව කල්දැමුවේ ඒ වෙනුවෙන් බවද එම කුමන්ත්‍රණය පරාජයට පත් කිරීමට පාර්ලිමේන්තුව කැඳවූ පසුව ලැබෙන ඕනෑම අවස්ථාවක් භාවිතා කරන බවද ඔහු පැවසීය.
ජනාධිපතිවරයා නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයටත්, ව්‍යවස්ථාවට එරෙහිව පත්කරන ලද තනතුරු වලටත් එරෙහිව ඡන්දය දීමට ජවිපෙ සූදානම් බවද, නව ආණ්ඩුව විසින් අයවැය ලේඛනයක් ඉදිරිපත් කළහොත් එයට එරෙහිවත් ඡන්දය භාවිතා කරන්න ජවිපෙ සූදානම් බවත් දිසානායක මහතා පැවසීය.
මෙම දේශපාලන කුමන්ත්‍රණයට එරෙහිව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියාගන්න. කිසිම වැදගත් වැඩකට සහයෝගයක් නැති කට්ටියක්. හැම දෙයටම " අපි විරුද්ධයි" නියායේ තමයි ඉන්නේ...
ඔබ හරි... අපේ ප්‍රණාමය!!!
හිහී... ඊයේ ලක්ෂ්මන් කිරිඇල්ල මහත්මයා කිව්වේ ජනතා විමුක්ති පෙරමුණේ 4 ක සහාය එයාලගේ අගමැතිට කියලා ජයවේවා රතු අලින්ට...!!!
කටේ තියන්නෙම නැහැ බැහැ කියන වචන ටික විතරයි.. ඡන්දෙ තියන්න කලින් මෙයා බැහැ බැහැ කියලා ඉවරයි..
මෙතන මහින්දද, රනිල්ද නෙමෙයි ප්‍රශ්නේ, ව්‍යවස්ථා විරෝධී සිරිසේන ගේ වැඩේටයි විරුද්ධ විය යුතු වන්නේ...
හුදෙකලා වෙලා ඉන්න නිසා තමයි තවම මේ අයට ගොඩ එන්න බැරි...
රටට අවශ්‍ය වෙලාවේ නිහඬව හිටියොත් මේ අය අතුගාලා දාන්න ඕනෑ. මේ අයගෙන් මේ රටට වැඩක් නැහැ මේ වෙලාවේ නැත්තන්...
ව්යවස්තාවිරෝධී නම් කුමන්ත්‍රණයක් නම් මොන කෙහෙල්මලක්ද කරන්නේ..? අධිකරණයට නොගිහින්? කෝ එජාපෙ එකේ ඉන්න නීති ඔස්තාර්ලා දන්නවා අධිකරණයට ගියොත් හුළං තමා කියලා. ඒක නිසා තමා තානාපති පස්සෙන් යන්නේ...
ජවිපය කියන්නේ හරිදේ කරන පක්ෂයක්. අනික් එක මේ අය කඩේ යන අය... ඒක තේරුම් ගන්න බැරි රට හරක් ඉන්න රටක් මේක... ඒකනේ මෙච්චර කෙළවෙලා තියෙන්නේ. මේකට මන්ත්‍රීලා 6ක් ඉන්නේ. ඒ කරලත් මේක ගැන කී දෙනෙක් කතාකරනවද?
අගමැතිවරු දෙදෙනාගෙන්ම වැඩක් නැත්නම් මොන බම්බුවකටද ඡන්දය දෙන්නේ?
රට වෙනුවෙන් ජවිපෙ ජයවේවා
මේ සිදුවී තිබෙන ව්‍යවස්ථා අර්බුදයට ප්රතිකර්මය මේ දෙදෙනාගෙන් එක් අයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම නම්, එය නොකර මේ අර්බුදය විසදා ගන්නේ කෙසේද සහෝදරයා? සක්කරයාගේ පුතා වයිමගෙන් උපදේශයක් පැතුවත් මේක තමා දෙන එකම පිළිතුර.
26 වැනි සිකුරාදා සිදුවූයේ දේශපාලන කුමන්ත්‍රණයක් නම්, පාර්ලිමේන්තුව කල්දැමුවේ ඒ වෙනුවෙන් නම්, එම කුමන්ත්‍රණය පරාජයට පත් කිරීමට පාර්ලිමේන්තුව කැඳවූ පසුව ලැබෙන ඕනෑම අවස්ථාවක් භාවිතා කරන්නත් සුදානම් නම්, මෙම දේශපාලන කුමන්ත්‍රණයට එරෙහිව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා නම් මේ දෙන්නාගෙන් එක්කෙනෙකුට ඡන්දෙ නොදී වෙන මොනවා කරන්නද සහෝදරයා හදන්නේ?
ප්‍රතිපත්තියක් නැති කණ්ඩායමක්...
මේ ගොල්ලන් හිතන් ඉන්නේ මේ ගොල්ලන්ගේ සහායොගය නැතිව වැඩක් කරන්න බැහැ කියලා. මේ දේශපාලනය වෛරී දේශපාලනයක් . එදා ඉදන්ම කලේ පවතින රජයට අකුල් හෙලන එකයි. මේ රතු අයියලා කියන විදිහට වැඩ කලානම් අද බලයේ ඉන්න ඕනි මේ අයියලා තමයි. සමාජවාදී අයියලාට කියන්න තියෙන්නේ තමුන්නාන්සේලාගේ බණ අහාලා ජනතාවට එපා වෙලා තියෙන්නේ. ඒ නිසා තමුන්නාන්සේලාගේ පඩිවදන් හොඳයි කොන්ඩේ බැදපු චින්නුන්ට. එදා තමුන්නාන්සේලා ලංකාවට කරපු විනාශය අමතක කරන්න තරම් රටේ ජනතාවට මුල අමතක නැහැ. රටේ ජනතාව මොඩයො නෙමෙයි මහාත්තයෝ. තමුන්නාන්සේලා කවදාහරි දවසක බලයට ආවාහමත් ඔය ටිකමයි, නැත්නම් එයිටත් එහා ගිය එවා තමයි කරලා නවතින්නෙ.
කරන විප්ලවයකුත් නැහැ, ගොඩනගන සමාජවාදයකුත් නැහැ, මාක්ස්වාදය කියව කියව ඉන්නේ මොකද මේ පක්ෂ දෙකට එයාලගේ දේශපාලනය කරන්න දීලා ඔයගොල්ලෝ ලංකාවේ ජනතාව වෙනුවෙන් යමක් කරන්න.
කිසිම වැඩක් කරන්නෙත් නැහැ, වැඩක් කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ .
කරන්න දෙන්නෙ නැහැ කිව්වට ඔය කරන්නෙ ඉහටත් උඩින්ම ජවිපෙ න් බාධාවක් නැහැ
ජවිපෙ වඳවේගනයන දේශපාලුවෝ ඉන්න පක්ෂයක්. බලාපොරොත්තු තියාගන්න එපා.