(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී "දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ" වැඳ පුදා ගත්තාය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රථිපලයක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ  මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙම සර්වඥ ධාතූන් මෙරටට වැඩම කෙරිණි.