
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ ජපානය අතර දිගුකාලීන සංවර්ධන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවි සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ නව ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරෝනුමා මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී අද (6) පැවැත්විණි.
මෙම හමුවේ දී, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අඛණ්ඩව සහාය වීම සඳහා JICA ට ඇති හැකියාව පිළිබඳ ඔහු යළිත් අවධාරණය කළේය. නව පත්වීම වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමිය කුරෝනුමා මහතාට සුබ පැතූ අතර, JICA විසින් ශ්‍රී ලංකාවට සපයන තාක්ෂණික සහයෝගීතාවය පිළිබඳව ස්තුතිය ද පළ කළාය. තාක්ෂණික අංශයේ සහයෝගිතා ඉලක්ක සඳහා වන වගවීම, විනිවිදභාවය සහ සියලු දෙනාම ඇතුළත් වන නව ප්‍රතිසංස්කරණ සඳහා රජයේ කැපවීම පිළිබඳවද අගමැතිනිය මෙහිදී අවධාරණය කළාය.
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා වන අධ්‍යාපනය ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු විය. දෙරට අතර සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර අතරට සියලුම අංශවල විශේෂ අධ්‍යාපන ඒකක ස්ථාපිත කිරීම, ගුරු පුහුණු විෂයමාලා සංශෝධනය කිරීම සහ ප්‍රධාන අවශ්‍යතාවයන් තක්සේරු කිරීම ඇතුළත් වනු ඇත. එසේම වෘත්තීය පුහුණුව, විදේශ රැකියා අවස්ථා සහ ජපානයේ රැකියා අවස්ථා සොයන ශ්‍රී ලාංකිකයන් සඳහා ජපන් භාෂා පුහුණු වැඩසටහන් පැවැත්වීම කෙරෙහි ද මෙහි අවධානය යොමු කෙරිණි.
මෙම අවස්ථාවට JICA ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන නියෝජිතයින් ද, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් රුවන්ති දෙල්පිටිය, සහකාර අධ්‍යක්ෂ ගයංගා ඩයස් යන මහත්ම මහත්මීන් මෙන්ම විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

2025 නොවැම්බර් මස 04
585
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2277
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අගමැතිනිය ජපානයට ස්තූති කරයි
Toni Friday, 06 June 2025 04:43 PM
වැඩක් නැහැනේ... රංවලගේ සහතිකය දුන්නේ නැහැනේ...