
(අංජුල මහික වීරරත්න)
ඉදිරි 2027 අයවැයෙන් අපද්‍රව්‍ය කළමනාකරණය, අපද්‍රව්‍ය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය සඳහා ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.
අනාගත පරපුරට උරුම කළ යුත්තේ දූෂිත පසක් හෝ ප්ලාස්ටික් වලින් පිරුණු මුහුදක් නොව, නිදහසේ හුස්ම ගෙන නිරෝගීව ජීවත් විය හැකි පිරිසිදු, හරිත පරිසරයක් බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මඟින් සංවිධානය කරන ලද 'ප්ලාස්ටික්, නවෝත්පාදනය සහ පරිසර තිරසාරභාවය' පිළිබඳ 3 වන ජාත්‍යන්තර සමුළුව අමතමින්
අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.
කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී මෙම සමුළුව පැවැත්විණි.
පරිසර හිතකාමී නවෝත්පාදන යන තේමාව යටතේ පැවැති මෙම සමුළුවේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා සිදුවන පාරිසරික හානිය අවම කිරීම, පරිසර හිතකාමී විකල්ප හඳුන්වාදීම, චක්‍රීය ආර්ථික ආකෘති සංවර්ධනය සහ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය කෙරෙහි අවධානය යොමු විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නේ ප්ලාස්ටික් දූෂණය යනු පරිසර ගැටලුවක් පමණක් නොව, දේශගුණික අර්බුදය සමඟ ද සෘජුව සම්බන්ධ වූ ගෝලීය අභියෝගයක් බවයි. නියාමනයකින් තොරව කසළ ගොඩගැසීම මහජන ජීවිතයට මෙන්ම පරිසරයටද දැඩි තර්ජනයක් වී ඇති බැවින්, ආර්ථික සංවර්ධනයේ නාමයෙන් ස්වභාවික සම්පත් විනාශ කිරීම කිසිසේත්ම අර්ථවත් සංවර්ධනයක් නොවන බවද ඇය අවධාරණය කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd