(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (16) ජාතිය ඇමතීමට නියමිතය.
නිදහස් ශ්‍රී ලංකාවේ 26 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතන ප්‍රථම අවස්ථාව මෙයයි.
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ සත්‍ය ස්වරූපය මෙන්ම අර්බුදය විසඳා ගෙන නැවත ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩ නගන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා කරුණු හෙළි කරනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුවට සහාය දෙන අයටනම් සොබාදහමින් තමයි පඩිසන් ලැබෙන්නේ...!
ජාතිය අන්දලා දූෂිත රාජපක්ෂලාව ආරක්ෂා කරන්න නොයා යුතුයි.
ලංකා ඉතිහාසයේ ලොකුම දුර්දාන්ත සමයේදී රට බාරගත් අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ ඉතිහාසයට එක්වනවා ඇත...
අපි පෝලිම්වලදී ඔය 225ටම අමතනවා, පුළුවන් නම් අහන්න එන්න පොලිමකට..
ජාතියම ප්‍රතික්ෂේප කරපු රනිල් ජාතිය ඇමතීම විහිළුවකි.