
(අංජුල මහික වීරරත්න)
2022ට සාපේක්ෂව 2023 ඔක්තෝබර් මාසය වනවිට අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 46%කින් අඩු කිරීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය .
ඒ අනුව 2021 වර්ෂයට සාපේක්ෂව 2022 දී 21%කින් හා 2023 ඔක්තෝබර් වනවිට 46%කින්, අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සිමාකර තිබේ. 2021 වර්ෂයේදී රුපියල් මිලියන 1661.7ක් වූ අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම 2022දී 1310.4ක් වූ බවත් 2023 ඔක්තෝබර් වනවිට එම අගය රුපියල් මිලියන 705.7ක් දක්වා අඩු කර ඇතැයි අග්‍රාමාත්‍ය කීය.
අග්‍රාමාත්‍ය කාර්යාලයට ලැබෙන ලිපිවලට පිළිතුරු සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණයට ලක්කිරීම හේතුවෙන් තැපැල් හා සන්නිවේදන වියදම 36%කින් අඩුකර ගැනීමට හැකිවී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
2022දී අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාහන 178ක් පැවතියත්, 2023 වර්ෂය අවසන් වනවිට ඇත්තේ සේවා අවශ්‍යතාවට ප්‍රමාණවත් වාහන 125ක සංචිතයක් පමණක් බවද ඒ අනුව 2022දී පැවති රුපියල් මිලියන 239.2ක වාහන නඩත්තු වියදම 2023දී රුපියල් මිලියන 72.3 දක්වා70%කින් අඩුකරගෙන තිබෙන බවද අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අජරාමර නිවන් සුව...!
ගුණවර්ධන පරම්පරාව කොහොමත් රටට වැඩ කළ අය මිසක් විපක්ෂ නායකතුමා හෝ අකුදී තුමා වගේ කයිවාරු කාරයෝ නෙවෙයි.
හැමදාම බලයේ ඉන්දන් වරප්‍රසාද බුක්ති වින්දිනවා මිසක් අහවල් දෙයක් රට වෙනුවෙන් කෙරුවා කියලා කියන්ඩ ද
පුලුවන්නම් රාජපක්ෂලා හොරා කාපු සල්ලි ටික රටට අයකරගෙන පෙන්නන්න. අන්න වැඩ්ඩා. එදාට වැඩකාරයා.
බොහොම සනතෝශයි. ඔය දත්ත සත්‍ය නම්, එත් දැන්වත් වැටහෙනවද තමන් කොන්දේසි විරහිතව පෙනීහිටපු, කලින් ඔය පුටුවෙ හිටපු කෙනා රටේ මුදල් කොපමණ කාබාසිනියා කරල තියෙනවද.කියල. මේ අවසාන කාලෙවත් එඩිතරව බය නැතිව ඒ ගැන ප්‍රකාශයක් කරල පව් ටිකක් සමාකරගන්න.
රුපියලේ අගය 2021ට අඩුවී ඇති හෙයින්, මෙය අගය කළ යුතුය.
කොළඹ නගරාධිපති වෙච්ච කෙනෙක් දසලක්ෂ ගණනක් එයාගේ කක්කුස්සියට වියදම් කල බව ඒකාලේ කියඋනා. ආදර්ශය උතුම් මෙතුමා ආදර්ශයට ගෙන අනිකුත් අයත් වියදම් අඩුකරනවානම් හොඳයි. එහෙම කෙරෙන්නේ කොහොමද පුතා වෙන රස්සාවක් කරන්නේ ඒත් ඌව private secretory හැටියට පෙන්නලා ඇමති තාත්තා ඒ වැටුපටත් කෙලිනවා. අනුර කුමාර දිසානායක මහතා බලයට ආවොත් ඕවා නවත්වයිද? ඝෝටාභය මහතා නම් ඕවා නවත්තන්න ඉදිරිපත් උනා නමුත් හිටපු කාලකන්නි ඒවාට ඉඩදුන්නේ නැහැ.
ඔබ තුමා ගෙදර හරි මැරිලා හරි ගියානම අපිට ඔය මුලු මුදලම ඉතිරි කරගන්න තිබුන. සත පහක ප්‍රයේජනයක් නැති වියදමක් නෙ.
අරගලයට තමයි ස්තුති කරන්න ඕනේ, මොකද ඔතැන තියෙන්නේ වෙන මොකවත් නෙමෙයි රාජපක්ෂලාගේ නාස්තිකාර වියදම් වලට සමකරන්න මෙයාට තියා කාටවත් බැහැ...
ගෝඨාභයත් ප්‍රේමදාස වගේ උනානම් අරගලයට ස්තුති කරන හැටි බලාගන්න තිබුණ. එහෙනම් රෑට්ටල, බට්ටිලා, බෙට්ටල ගේ පුළුටු ගඳ තාමත් ගෝල්ෆේස් පිට්ටනියේ තිබෙනවා. දැක්කනේ රනිල් හමුදාපතිට දීපු order එක? මොන ක්‍රමයෙන් හරි නවත්තන්න. චීනේ කලා වගේ යුද්දටැංකි කීපයක් උන්ගේ ඔළු උඩින් යැව්වා නම් ඝෝටා තාමත් මෙරටේ ජනාධිපති. අපි එතුමා එතනට යැව්වේ ඔය ටික කරන්න කෝ කලේ නැහැ. කලානම් අරගල, වර්ජන, දෙමළුන්ගේ LTTE සැමරුම්, නැතිවෙලා මඩකලපුවත් සිංහල ගමක් වෙනවා.
Nimesh අරගලයට දැන් ස්තුති කරන්නේ හම්බයොයි දෙමල්ලුයි. ඔබ මොන පැත්තේද? හම්බ පැත්තට යන එක රිදෙන වැඩක්.