IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අංගොඩ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ අල්ලස් දැලේ

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව රදවාගෙන ප්‍රතිකාර කිරීම සදහා රුපියල් ලක්ෂ 15 ක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් ලක්ෂ 3 ක මුදලක් ලබාගත් බව කියන අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ අල්ලස් හෝදූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (13) අත්අඩංගුවට ගනු ලැබීය.

ඉකුත් 2024 වර්ෂයේ බන්ධනාගාර ගත කර සිටි රැදවියකුගේ රෝගී තත්ත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු බන්ධනගාර රෝහලේ තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර කිරීම සදහා එම අල්ලස් මුදල ඉල්ලා ඇති බව එම කොමිෂන් සභාව පවසයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (13) පිටකෝට්ටේ පිහිටි වෛද්‍ය නයනජිත් හේමන්ත රණසිංහ මහතාගේ නිවසේදී අල්ලස් ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.



අදහස් (7)

අංගොඩ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ අල්ලස් දැලේ

බකල ජයා Wednesday, 13 August 2025 03:17 PM

අන්න නියමයි... නම සමග ප්‍රවෘත්තිය...

:       1       46

wedage Wednesday, 13 August 2025 03:22 PM

විකාර අනේ...

:       22       0

සජබංගWednesday, 13 August 2025 03:57 PM

ඔයාටද, දොස්තරටද?

:       0       17

wedage Wednesday, 13 August 2025 04:57 PM

පිස්සු අනේ... නේද මෙයා..?

:       4       0

විජිත යාපා Wednesday, 13 August 2025 06:36 PM

සමහරවිට ඔයා ලෙඩා තාත්තා වෙන්න ඇති. ඒ දරුවෝ අමාරුවෙන් හරි බලා ගත්තා නම් හරි යන්නත් ඉඩ තියෙනවා. පව්...!

:       2       1

Bunny Preena Thursday, 14 August 2025 09:04 AM

මේක දැන් පිලිලයක් වගෙයි. හරියට බෙල්ල කපන්න දන් ගෙඩියට ගෙනියන හොරාට දන් ගෙඩිය හොරකම් කරන්නත් සිත් පහළ උනා වගේ. අල්ලස් දෙන විට අල්ලන එකේ ඉවරයකුත් නෑ. ඇල්ලස් ගන්න එකාලාගේ අඩුවකුත් නෑ. සල්ලි වලට එච්චරටම කෑදර ද ?

:       0       2

Perakum LiyanagamaThursday, 14 August 2025 01:25 PM

Bunny Preena මෙතන ඔබ නොදකින පැත්තක් තියනව. අල්ලස් දෙනව ගන්නව අල්ලනව විතරයි දර්‍ඬුවම් දෙනව අහල තියනවද? රිංගල යන්න ඕන තරම් හිල් තියනව. ඒ මදිවට දඬුවම සොච්චමයි. ඉතිං මොකටද බය වෙන්නෙ. දැඩි දඬුවම් දීමට නීති සංශෝධනය කරන්න කිව්වට කවුරුත් ඒවට කැමති නෑ. හේතුව හිතාගන්න පුලුවන් නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2078 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site