ශ්රී ලාංකීය නව නිපැයුම්කරුවන් සහ නවෝත්පාදනයන් සඳහා පැවැත්වෙන ජාතික තරඟාවලියක් වන “සහසක් නිමැවුම්” ව්‍යාපෘතියට NDBබැංකුව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම (SLIC)සමඟ අත්වැල් බැඳ ගත්තේය.
ජාතියේ අනාගතය සවිබල ගැන්වීම සහ නැගී එන නව නිපැයුම්කරුවන්ට සහාය දීම සඳහා NDBහි ඇති කැපවීම මෙම හවුල්කාරිත්වය මඟින් පිළිඹිබු කරයි. සිය තිරසාර ක්‍රියාකාරකම්වල තවත් වැඩසටහනක් ලෙස මෙම ව්‍යාපෘතිය සමඟ NDBබැංකුව අත්වැල් බැඳගෙන ඇත.
මෙම “සහසක් නිමැවුම්” ව්‍යාපෘතිය දිවයින පුරා විසිරී සිටින සිසුන් සහ වැඩිහිටියන් සඳහා සිය නිර්මාණශීලී හැකියාවන් ප්‍රදර්ශනය කළ හැකි මහඟු අවස්ථාවකි. 2024 ජූලි මස ආරම්භ කරන පළාත් මට්ටමේ තේරීම්, 2024 අගෝස්තු මස දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර නැගී එන නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණශීලී අදහස් හඳුනා ගැනීමට සහ සහයෝගය ලබා ගැනීමට සුවිශේෂී අවස්ථාවක් මෙමඟින් ලබා දේ.
මෙහිදී පවත්වන සෑම පළාත් වැඩසටහනක් අතරතුරම, NDBබැංකුව විසින් සහභාගී වන්නන්ගේ අනාගත ව්‍යාපාර සහ ව්‍යාපෘති වලට සහාය වීම සඳහා ඔවුන්ගේ මූල්‍ය ඵලදායි ලෙස කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීමේ සැසි පවත්වනු ලබයි. මීට අමතරව, තරුණ තරුණියන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද සහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණින් නිර්මාණය කර ඇති තාරුණ්‍යය වෙනුවෙන්ම වෙන් වූ NDB ZEEගිණුම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන අතර, මෙවැනි වැඩසටහන් වලට දායක වීම මඟින් අනාගත පරම්පරාවේ නායකයන් සහ නව නිපැයුම්කරුවන් දිරිගැන්වීම සඳහා NDBබැංකුවේ ඇති කැපවීම තහවුරු කරයි.
ජාතික අවසන් මහා තරඟය සඳහා තෝරාගත් නව නිපැයුම්කරුවන්ට ඔවුන්ගේ නව නිපැයුම් සඳහා පේටන්ට් බලපත්‍ර ලබා ගැනීම, ඔවුන්ගේ එම වටිනා අදහස් ආරක්ෂා කර ඇති බවට තහවුරු කෙරෙන අතර, අනාගතයේ සාර්ථකත්වය සඳහා SLIC ආයතනය මඟින් ඉතා වටිනා සහායක් ලබා දෙනු ඇත.
අධ්‍යාපන අමාත්‍යයාංශය යටතේ ක්‍රියාත්මක වන SLICආයතනය මඟින් දේශීය නව නිපැයුම් ප්‍රවර්ධනය කිරීම සහ පහසුකම් සැලසීම සිදු කරනු ලබයි. දැනුම හුවමාරු කරගැනීම, ධාරිතාව වර්ධනය කිරීම, සම්පත් දායකයින්ගේ මඟ පෙන්වීම සහ නව තාක්ෂණය පිළිබඳ දැනුම හා නවෝත්පාදනයන් සඳහා මූල්‍ය, තාක්ෂණික, නෛතික සහ අළෙවිකරණ සහාය වැනි සුවිශේෂී වරප්‍රසාද ලබා දෙන විවිධ වැඩසටහන් හරහා පාසල් සිසුන් අතර මෙම නවෝත්පාදන බිහි කිරීමේ සංස්කෘතියන් නිර්මාණය කිරීම සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් SLICආයතනය මඟින් ඉටු කරනු ලබයි.
-595
කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
NDB බැංකුව නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සමඟ අත්වැල් බැඳ ගනී