IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


LOLC සමූහයට රු.බි. 83.8ක ලාබයක්

 

LOLC සමූහය 2022 මාර්තු 31 දායින් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ පෙර වසරට සාපේක්ෂව සියයට46 ක ශීඝ්‍ර වර්ධනයක් සහිතව රුපියල් බිලියන 83.8 ක බදු පෙර ලාභයක් සහ රුපියල් බිලියන 77.8 බදු ගෙවීමට පසු ලාභයක්  වාර්තා කර තිබේ. සමූහයේ සමස්ත විස්තීර්ණ ආදායම රු.බි. 161 ක් වන අතර, එය ඕනෑම ශ්‍රී ලාංකික ආයතනයක් ඉතිහාසයේ ලද අසමසම ජයග්‍රහණයකි.

ශ්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය ලෙස  සමූහයේ ශක්තිමත් ගෝලීය ව්‍යාප්තිය තවදුරටත් වර්ධනය වෙමින්, මධ්‍යම  LOLCආසියාව ඇතුළු ආසියාකරයේ සහ අප්‍රිකාව යන මහාද්වීප දෙක ඔස්සේ මූල්‍ය සේවා, සංචාරක සහ වතු වැවිලි ක්ෂේත්‍ර හරහා සිය පියසටහන් පුළුල් කිරීමට සමත් වී ඇත.

දේශීය මූල්‍ය සේවා වෙළඳපොළේ ප්‍රමුඛ කොටස හිමිකර ගනිමින්  වඩාත් විවිධාංගීකෘත සමූහ ව්‍යාපාරය බවට පත්වූ LOLCසමූහය කාම්බෝජයේ සිය මූලික ආයෝජනය 2007 වසරේදී සිදුකළ අතර  එතැන් පටන් කාම්බෝජය, මියන්මාරය, ඉන්දුනීසියාව, පිලිපීනය සහ පාකිස්ථානය යන දකුණු හා අග්නිදිග ආසියාතික රටවල් රැසක පියසටහන් තහවුරු කර ඇත. දැනට සිදුකෙරෙමින් පවතින සාකච්ඡා අවසන් වූ පසු ඉන්දියාව විසින් පිරිනමන දැවැන්ත වෙළෙඳපොළ වෙත ආයෝජන මං විවර කිරීමට සමූහය සැලසුම් කර තිබේ. මධ්‍යම ආසියාවේ, ටජිකිස්ථානය සහ කිර්ගිස්ථානයට පිවිස සිටින LOLCසමූහය, උස්බෙකිස්ථානයට සහ කසකස්ථානයටද පිවිසීමට සූදානම්ව සිටී.

අප්‍රිකානු මහාද්වීපය සැලකූවිට LOLCසමූහය නයිජීරියාව, සැම්බියාව, සිම්බාබ්වේ, මලාවි, ටැන්සානියාව, කෙන්යාව සහ ඊජිප්තුව යන රටවලට දැනටමත් පිවිස සිටින අතර,  කොංගෝ ජනරජය, ඝානාව, උගන්ඩාව සහ රුවන්ඩාව යන රටවලට පිවිසීමටද සැලසුම් කරයි.

වතු වැවිලි කළමනාකරණයේ සිය විශේෂඥතාව මත ගොඩනැගෙමින් LOLC සමූහය සියෙරා ලියොන්හි උක්වතුයාය මෙහෙයුම් සිදුකරයි. දැවැන්ත කෘෂි සමාගමක් වන සන්බර්ඩ් සියෙරා ලියොන් ලිමිටඩ් (SBSL) සතුව හෙක්ටයාර 23,500 ක භූමි භාගයක් පවතින අතර, එය හෙක්ටයාර 50,000 දක්වා ඉහල නැංවීමේ විකල්පයක්ද පවතී. එහි අතිනවීන නිෂ්පාදනාගාරය මඟින් උදාසීන මධ්‍යසාර (ENA) නිෂ්පාදනය කරන අතර, දෛනික මධ්‍යසාර ධාරිතාව ලීටර් 100,000 සහ එතනෝල් නිෂ්පාදනය ලීටර් 380,000 දක්වා ඉහල නැංවීමේ හැකියාවක් පවතී.

මේ අතර, සමූහය මෑතකදී මොරිෂස් දිවයිනේ සුඛෝපභෝගී නිකේතනයක් වන කාමර 100 ක් සහිත රැඩිසන් බ්ලූ  අත්පත් කරගත් අතර, සංචාරක වෙළඳපොළට කාමර 1,077 ක් එක්කරමින් නුදුරේදීම මාලදිවයිනේ විශාලතම සංචාරක මෙහෙයුම්කරු බවට පත්වනු ඇත. මාලදිවයිනේ  නිමවෙමින් පවත්නා දේපළ සංවර්ධන අතරට කාමර 135 ක් සහිත නසුන්දරා පැලස් හෝටලය  සහ නිවහන් 118 ක්; කාමර 470 ක් සහිත බොඩුෆාරු ; කාමර 100 ක් සහිත බ්‍රවුන් අරි රෙසෝට්  බ්‍රවුන්ස් රා අටොල්  සහ කාමර 254 ක් සහිතSTO හුලු‍මාලේ  ද අයත්වේ.

ශ්‍රී ලංකාවේ සංචාරක හෝටල් කාමර 909 ධාරිතාවක් සහිත සමූහය, තවත් කාමර 363 ක් සංවර්ධනය කරමින් සිටින අතර, දිවයිනේ විශාලතම සංචාරක මෙහෙයුම්කරුවන් අතර රැඳී සිටී. LOLC සමූහය සතු ශ්‍රී ලංකාවේ සංචාරක දේපළවලට ඊඩ්න් රෙසෝට් ඇන්ඩ් ස්පා; ඔක්සිඩෙන්ටල් පැරඩයිස් - දඹුල්ල;  ෂර්ටන් කොස්ගොඩ, ටර්ටල් බීච් රෙසෝට්; ද කාම් රෙසෝට් ඇන්ඩ් ස්පා; දික්වැල්ල රෙසෝට් ඇන්ඩ් ස්පා; ද එලිෆන්ට් කොරිඩෝර්, අවානි බෙන්තොට; ක්ලබ් හොටෙල් ඩොල්ෆින් සහ හොටෙල් සීගිරිය අයත් වන අතර, කාමර 363 ක් සහිත රිවරිනා හෝටලය ඉදිකරමින් පවතී. මීට අමතරව සමූහය රීවීල්කලෙක්ෂන්’ නිකේතන එකතුවට සුඛෝපභෝගී බංගලා, උබන්ටු බීච් හවුස්, ලැන්ටර්න් බීච් හවුස් - මිරිස්ස සහ පුස්සැල්ලාව - ලැවෙන්ඩර් හවුස් අයත් වේ. සමූහයේ සංචාරක හෝටල් ව්‍යාපාරය, විදෙස් සංචාරකයන් සඳහා සේවා සපයන සමූහයේ ගමනාන්ත කළමනාකරණ හස්තය, සිලෝන් රූට්ස්  හරහා තවදුරටත් ශක්තිමත් වෙයි.

බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂේත්‍රය තුළ, LOLCෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී මෑතකදී ඒකාබද්ධ වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය (NBFI) පිහිටවූ අතර එහි මුළු වත්කම් වටිනාකම රු.බි. 311 කි. එය බැංකු නොවන මූල්‍ය ආයතන ස්ථාවර කිරීමේ මහ බැංකු ප්‍රධාන සැලැස්මට අනුකූලව සිදුකරන ලද්දකි. ඒකාබද්ධ ආයතනය 2022 මාර්තු 31 න් අවසන් වූ  මූල්‍ය වර්ෂය තුළ රු.බි. 25.6 ක බදු පෙර ලාභයක් සහ රු.බි. 23.5 ක බදු ගෙවීමෙන් පසු සුවිසල් ලාභයක් වාර්තා කළේය. LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී ආයතනයද සාර්ථක මූල්‍ය වසරක් වාර්තා කළ අතර, එහි බදු ගෙවීමෙන් පසු ලාභය රු.මි. 389 කි.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්‍ෂණ කර්මාන්තයේ රුපියල් බිලියන 7 ක ඉලක්කය වේගවත්ම ලෙස ලඟා කරගත් රක්ෂණ සමාගම LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමයි. 2021 වසර තුළ LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් 19.2% ක වාරික ආදායම් වර්ධනයක් සලකුණු කළේ සාමාන්‍ය රක්ෂණ සේවා කර්මාන්තයේ මධ්‍යම හෝ විශාල ප්‍රමාණයේ සමාගමක් වාර්තා කළ ඉහළම වර්ධනය ලෙසිනි. LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් අද විශාල ප්‍රමාණයේ සමාගමක් ලෙස වර්ගීකරණය කර ඇති අතර, ශ්‍රී ලංකාවේ පස්වන විශාලතම සාමාන්‍ය රක්ෂකයා වෙයි.

LOLC ලයිෆ් ඇෂුවරන්ස් දේශීය ජීවිත රක්‍ෂණ කර්මාන්තයේ පළමු මෙහෙයුම් වසර 10 තුළ රු.බි. 4 ක ඉලක්කයකට ලඟා වූ ප්‍රථම රක්ෂකයා බවට පත්විය. සමාගම 2021 වසර නිමාකළේ රු.බි. 4.4, ක වාරික ආදායමක් සහ රු.බි. 36.6 ක ශුද්ධ ලාභ වර්ධනයක් සමඟිනි.

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මූල්‍ය සේවා මෙහෙයුම් වලින් ගෝලීය වශයෙන් ලද සාර්ථකත්වය ඔස්සේ ඉදිරියට යමින් සිය රක්‍ෂණ ව්‍යාපාර ආකෘතියි සෙරන්ඩිබ් ඉන්ෂුවරන්ස්’ සන්නාමය යටතේ ගෝලීය වෙළෙඳපොළ වෙත දියත් කිරීමට සමාගම් සූදානමින් සිටී. ක්ෂුද්‍ර සහ කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ගනුදෙනුකරුවන්ගේ රක්‍ෂණ අවශ්‍යතා උදෙසා සෙරන්ඩිබ් ඉන්ෂුවරන්ස් සිය ප්‍රථම ගෝලීය රක්‍ෂණ ව්‍යාපාරය ලෙස කාම්බෝජයේ දැනටමත් දියත් කොට ඇත.

LOLC සමූහය වසර 140 ක් පැරණි වෙළෙඳ සමාගමක් වන බ්‍රවුන්ස්හි ආයෝජනය කළ අතර, 2021 වසර තුළදී එය, සාමාන්‍ය වෙළෙඳ, පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ, බලශක්ති, මෝටර් රථ, කෘෂිකාර්මික, බැටරි, තාප, රසායනික, බර යන්ත්‍රෝපකරණ, සමුද්‍ර, පශු ඖෂධ, පාරිසරික ඉංජිනේරු සහ පොහොර යන සිය ව්‍යාපාරික අංශ හරහා රු.බි. 1.8 ක බදුවලට පසු ලාභයක් වාර්තා කර තිබේ.

සිය උපායමාර්ගික ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් හරහා සමූහයේ වතු වැවිලි අංශය, මතුරට සහ ගල්ඔය වතුයායන්ට අමතරව මෑතකදී ෆින්ලේ සමූහයට අයත් උඩපුස්සලාව සහ හපුගස්කන්ද වතුයාය අත්පත් කරගන්නා ලදී. එක්සත් රාජධානියේ කේන්ද්‍රගත වයස අවුරුදු 128 ක් පැරණි ෆින්ලේස් සමූහය ශ්‍රී ලංකාවේ වතු වැවිලි ව්‍යාපාරයෙන් ඉවත්වීම ක්ෂේත්‍රයේ විදේශීය සමාගම්වල හිමිකාරිත්වය අවසන් වීම සලකුණු කරයි. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් මෙම ආයෝජනය සිදුකළේ ෆින්ලේස් සමූහය, සිය කීර්තිමත් උරුමය ඉදිරියට ගෙන යාම සඳහා යහපාලන ප්‍රමිතීන් හා  ශක්තිමත් පිළිගැනීමක් සහිත සුදුසු හවුල්කරුවෙකු සොයමින් සිටියදීය.  සමූහය සතුවන අතර, ඒවා වතු වැවිලි ක්ෂේත්‍රයේ ඉදිරි පෙළ සංකලන සමාගම් ලෙස ක්‍රියා කරයි. තවද, සමූහය විසින් ලොව විශාලතම කුරුඳු වගාව නිර්මාණය කිරීම සඳහා ආයෝජනය කර ඇති අතර, මේ වන විට කුළුබඩු සඳහා අගය එකතු කිරීමේ කාර්යයේ නිරතව සිටී.

මීට අමතරව, වසර තුළදී සමූහය විසින් සියෙරා සමූහයේ සිය කොටස් හිමිකම් ප්‍රතිනිර්මාණය කරන ලදී. එහිදී සියෙරා කන්ස්ට්‍රක්ෂන් සහ සියෙරා හෝල්ඩිංග්ස් හි කොටස් හිමිකම් අත්හල සමූහය ඇග්ස්ටාර් පොහොර, සියෙරා පයිලින්, සියෙරා කේබල්ස් සහ සියෙරා රෙඩි මික්ස් අත්පත් කර ගනු ලැබීය.

කැපී පෙනෙන වර්ධනයක් ලෙස, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී විසින් කොළඹ වරාය නගරයේ  බහුවිධ ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 117 ක් දැනටමත් ආයෝජනය කර ඇත. කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය, මරීනා හොටෙල් සහ මරීනා - යාත්‍රා තොටුපොළ එම ව්‍යාපෘති වේ.

595

ඉෂාර නානායක්කාර - නියෝජ්‍ය සභාපති LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී


කපිල ජයවර්ධන  - සමූහ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී



අදහස් (4)

LOLC සමූහයට රු.බි. 83.8ක ලාබයක්

sugath Tuesday, 26 July 2022 05:41 PM

ගිනිපොලී කාරයින්..!

:       5       3

menna Tuesday, 26 July 2022 08:04 PM

ලංකාව බංකොලොත් කියලා කියන්නේ කොහොමද?

:       1       3

chandima Tuesday, 26 July 2022 10:31 PM

ලාබ කියන්නේ අඩුවෙන් දීලා වැඩියෙන් ගත්තාම අතට ඉතිරිවෙන ගානනේ නේද?

:       0       0

Managala Sunday, 31 July 2022 02:14 AM

රාජ්‍ය අංශය රට බංකොලොත් කරන විට, පුද්ගලික අංශය රට ඇදගෙන දුවනවා. මෙවැනි ආයතන තව තවත් ශක්තිමත් කල යුතු අතර සියලු රාජ්‍ය ව්‍යවසාය මෙවැනි දක්ෂ ව්‍යාපාර යටතට පත් කර මිනිසුන්ට තරගකාරි මිලකට සේවයක් ලබා දිය යුතුය.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

බේරුවලත් මීතොට මුල්ලක් හැදෙන්න හදනවා
2024 මැයි මස 08 9 0

බේරුවල නගර සභා බල ප්‍රදේශයේ අපද්‍රව්‍ය බැහැර කරන ආකාරය නිසා මහා කුණු කන්දක් නිර්මාණය වී ඇතැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පා


ගුවන් සමාගමේ පාඩුව අගමැති හෙළි කරයි
2024 මැයි මස 08 52 0

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහ


යුද හමුදාව-ඉන්දියාව එක්ව හැදූ කෘත්‍රිම අත් පා බෙදාදෙයි
2024 මැයි මස 08 40 0

යුද හමුදාව සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහයෝගීතාවයෙන් රාගම රණවිරු සෙවණ යුද හමුදා පුනරුත්ථාපන මාධ්‍යස්ථානයේදී නිෂ්පාදනය කළ කෘත්‍රිම


සජිත්ගෙන් සුසිල්ට ආරාධනයක්
2024 මැයි මස 08 488 0

ඡන්ද කටේ පළාත් පාලන ආයතන වලට බෙදන්නට වෙන් කළ රුපියල් ලක්ෂ සීයක මුදල ස්මාර්ට් පන්ති කාමර ඉදිකිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දෙන්නැයි විපක්ෂ නායක


මන්නා රමේෂ්ගේ නිවසින් සැක බඩු
2024 මැයි මස 08 634 0

ඩුබායි සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ් නමැත්තාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ


පාර්ලිමේන්තුවට නිදහසක් ලැබුණා
2024 මැයි මස 08 1855 1

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි කරමින් ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා පාර්ලිමේන්තුවටද නිදහසක් ලැබුණු බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 549 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2015 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1776 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site