IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


INSEE සිමෙන්ති ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් සන්නාම අතරට

එක්සත් රාජධානියේ LMD සඟරාව විසින් වාර්ෂිකව සිදු කරනු ලබන සමීක්ෂණයට අනුව මෙවරත් මෙරට ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් වෙළෙඳ නාම 100 අතරට එක්වීමට INSEE සංස්ථා සිමෙන්ති සමත් විය. 

ලබාගත් මෙම ජයග්‍රහණයට අමතරව පසුගිය දා පැවති SLIM-Kantar සම්මාන උළෙලෙහි දී ”‍වසරේ නිවාස හා ඉදිකිරීම් සන්නාමය”‍ ලෙසින් ද INSEE සංස්ථා සිමෙන්ති සම්මාන දිනාගත් අතර,INSEE  එම සම්මානය දිනාගත්තේ 11වන වරට වීම විශේෂිත ය.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් INSEE සංස්ථා සිමෙන්ති සමාගමේ විධායක උප සභාපති (විකුණුම්, අලෙවිකරණ හා නවෝත්පාදන) යාන් කුනිග් මහතා මෙසේ පැවසීය. මෙවරත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වෙළෙඳ නාම සමඟ කරට කර තරග කරමින්, වඩාත් ජනාදරයට පත් වෙළෙඳනාම  100 අතරට එක් වීමට ලැබීම අපට මහත් ආඩම්බරයක්. ඇත්තටම මෙම ජයග්‍රහණය මගින්, අපගේ තේමාව වන ‘ ජීවිතය සඳහා ඉදිකරන්න‘ යන්න යථාර්ථයක් බවට පත්කිරීම වෙනුවෙන් අප සිදු කරන කැපවීම ගැන උදාහරණ සපයනවා. ඒ වගේ ම  සෑම විටම අප කෙරෙහි විශ්වාසය තබමින්, අප සමඟ බැඳී සිටින පාරිභෝගික ජනතාවට ස්තුතිවන්ත වීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. අපගේ මෙම ජනප්‍රියත්වය,  අපගේ කැපවීම වගේ ම පාරිභෝගික අවශ්‍යතා හොඳින් හඳුනාගෙන ගුණාත්මක නිෂ්පාදන හා සේවා ලබා දීමේ ප්‍රතිඵලයක් විදියට හඳුන්වා දීමට පුළුවන්. ඒ වගේ ම මේ රටේ ප්‍රමුඛතම සිමෙන්ති සන්නාමය වගේ ම අංක එකේ ගෘහස්ථ හා වෘත්තීයමය සිමෙන්ති සන්නාමය විදියට ලබාගෙන තිබෙන ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගැනීම අපගේ අරමුණයි.”‍

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන එක ම පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති සන්නාමය වන  ප්‍රමිතියෙන් සමන්විත වන INSEE සංස්ථා සිමෙන්ති SLS 1697:2021 ප්‍රමිතියෙන් සමන්විත වන අතර, එය ශ්‍රී ලංකාවේ හරිත ගොඩෙනැගිලි කවුන්සිලය මගින් හරිත ලේබලය හිමිකරගත් ප්‍රථම සිමෙන්ති සන්නාමය ලෙස සඳහන් කළ හැකිය.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (1)

INSEE සිමෙන්ති ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් සන්නාම අතරට

මංගල Saturday, 28 May 2022 02:18 PM

කෙහෙල්මල් ආදරේ... විහිලු කරන්න එපා. ආදරේ නිසා වෙන්න ඇති ඔච්චර ගණන්.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site