
(විමුක්ති එස් රුද්රිගූ)
දිට්වා සුළි කුණාටුව මෙරටට කළ හානිය සියැසින් දැක බලා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය හෙට (16) නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන බව එම අරමුදල ප්‍රකාශ කළේය.
මෙරටට පැමිණෙන ජෝර්ජියේවා මහත්මිය මෙරට බලධාරින් සහ පාර්ශවකරුවන් මුණ ගැසෙනු ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවේය.
ජෝර්ජියේවා මහත්මිය එළඹෙන 18 වැනිදා දක්වා මෙරට රැඳී සිටිනු ඇති බවත් එහිදී ශ්‍රී ලාංකිකයන්ට ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමට මෙන්ම මෙරට නැවත යථා තත්ත්වයට පත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහාය ලබාදිය හැකි ආකාරය පිළිබඳව ජෝර්ජියේවා මහත්මිය සොයා බලනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
දිට්වා සුළි කුණාටුව මෙරටට කඩා වැදීමත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී තිබෙන අර මුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ පස්වෙනි සමාලෝචනය සම්පූර්ණ කිරීම ප්‍රමාද කිරීමට එම අරමුදල තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd