(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දින සැමරුම අද (4)ට යෙදී ඇත.
මෙවර නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඉතා අභිමානවත් ලෙස කොළඹ 07, නිදහස් චතුරස්‍රයේදී අද (4) පෙරවරු 7.30 සිට පැවැත්වේ.
‘අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් -- සෞභාග්‍යමත් මව් බිමක් යන්න’ යන්න මෙවර නිදහස් දින සැමරුම් තේමාවයි.
මෙවරත් ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ආරම්භ වන්නේ නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය දිවංගත ඩී.එස් සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුවය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නිදහස් දින සැමරුම් උත්සව භූමියට සම්ප්‍රාප්තවීමට නියමිතව ඇත්තේ පෙරවරු 8.11ට වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරවරු 8.13ට උත්සව භූමියට සම්ප්‍රාප්තවීමට නියමිතය.
ඉන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ කෙරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර දහස්ගණනක් භුක්ති විඳපු ඉඩම බලහත්කාරයෙන් අල්ලගෙන වසර 250ක් පමණ වෙනවා. ඒ ඉඩමේ ඵලදාව අරගෙන 1948 අදවගේ දවසක ඉඩමේ මුල් අයිතිකාරයාම ඒ ඉඩමේ මුරකරු ලෙස පත්කිරීම ගැන සමරන උත්සවයයි..
මම සිංහලයෙක් වෙලා, කිසිම අභිමානයක් දැනෙන්නේ නැහැ. අපි තවත් හිඟන්නෝ වෙලා. දෙමල මුස්ලිම් අයටත් ඒකම තමයි.