ඩබ්. ඒ. පියතිලක
මෙවර පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී දෙමළ භාෂාව හා සාහිත්‍ය විෂය සඳහා අවුරුදු 70ක විශ්‍රාමික ගුරුවරයකු බාහිර අපේක්ෂකයකු ලෙස පෙනී සිටි බව හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයෙන් වාර්තා වේ.
මෙම ගුරුතුමා වසර 20ක ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය කර විශ්‍රාම ගොස් සිටින දෙදරු ගුරු පියෙකි.
ගුරු මහතා මෙසේ ද පැවසීය.
“මම අවුරුදු 20ක් දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්නුවා. මේ දක්වා කිසිදු ලෙඩක් මට නැහැ. මම 2015 දී දෙමළ භාෂාව ලියලා A සමාර්ථයක් ගත්තා. මෙවර දෙමළ භාෂාව හා සාහිත්‍ය විභාගයට පෙනී සිටියා. සමත් නැති විෂයන් සමත් වීම මගේ අරමුණයි. වයස ඉගෙනීමට බාධාවක් නෙමෙයි. 2019දී උසස් පෙළ විෂයකට ලියන්න මම හිතාගෙන ඉන්නවා.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd