IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


65 ට වෘත්තිය සමිති විරුද්ධයි

(යොහාන් භාසුර)

රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 ක් දක්වා ඉහළ නැංවීමේ අයවැය (2022) යෝජනාවට වෘත්තිය සමිති වැඩි සංඛ්‍යාවක් විරෝධය දක්වන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා ‘ලංකාදීප’යට පැවසීය.

වෘත්තිය සමිතිවල එම විරෝධය පිළිබඳව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය අවධානය යොමු කර ඇති බව කී එම අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩ කරන අයට එපා නම් කවුරුන් වෙනුවෙන් එම යෝජනාව ක්‍රියාත්මක කරනවාද යන ගැටලුව මේ වන විට මතු වී ඇති බව ද සඳහන් කළේය.

රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස ලබන වසරේ (2022) ජනවාරි 1 වැනිදා සිට අවුරුදු 65 ක් දක්වා ඉහළ නැංවීමට නියමිතය.

 



අදහස් (12)

65 ට වෘත්තිය සමිති විරුද්ධයි

යෝගා Sunday, 12 December 2021 07:30 PM

රජයේ සේවක සංඛ්‍යාව 30%කින්වත් අඩු විය යුතුයි. පරිගණක දැනුම තියෙන තරුණ අය අලුතින් ආ යුතුයි. ඒ නිසා 55න් ගෙදර යවන එක තමයි හොඳ

:       3       26

dinesha Sunday, 12 December 2021 07:40 PM

ඔය එපා කියන අයම තමයි 55ට පස්සේ අවුරුද්දෙන් අවුරුද්ද කාලය දික්කරගෙන 60 පැනලත් ඉන්නේ

:       1       28

Nanda Sunday, 12 December 2021 08:49 PM

මෙතුමාත් අකමැති වගේ. කැමති අය ඉන්නවනම් 65 වෙනකන් වැඩ කරන්න ඒකෙ ගැටළුවක් තිබෙනවද? රට ගැනත් හිතන්න වෙනවා නේද හැම එකටම විරුද්ධ වීමෙන් රට ඉදිරියට යන්නේ කෙසේද?

:       12       17

Siri Sunday, 12 December 2021 08:52 PM

වෘත්තීය සමිති කියන අනෙක් දේවල් ඇහෙන්නේ නැතිද?

:       1       14

gamunuMonday, 13 December 2021 12:17 AM

රාජ්‍ය සේවකයන් රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 ක් දක්වා ඉහළ නැංවීමේ අයවැය (2022) යෝජනාවට වෘත්තිය සමිති වැඩි සංඛ්‍යාවක් විරෝධය දක්වන්නේනම් ඔවුන්ගේ කැමැත්ත 55න් විශ්‍රාම යාමට නම් රජය කල යුතු වන්නේ 55 රාජ්‍ය සේවකයන් විශ්‍රාම යාමේදී මුළු විශ්‍රාම වැටුපෙන් 65%ක් ලබාදීම වේ, නොඑසේනම් 60දී විශ්‍රාම යාමට අවශ්‍ය නම් මුළු විශ්‍රාම වැටුපෙන් 75%ක් ලබාදීමට සහ 65දී විශාරම යන්නේනම් සම්පුර්ණ විශාරම වැටුප ලබාදෙන බව රජය කිව යුතුවේ. එවිට ඕනෑම කෙනෙකුට කැමති පරිදි විශ්‍රාම ගැනීමට හැකියාව පවතී. වෘත්තිය සමිති අවශ්‍ය තත්වයන් මත රටවල් පාලනය නොකළ හැකි බව රජය ඔවුනට කිව යුතුවේ.

:       3       3

මධුසංඛ Sunday, 12 December 2021 09:55 PM

විශ්‍රාම යාමේ වයස 65 කිරීම ගැන කැමැත්ත දක්වන බොහෝ පිරිසක් රාජ්‍ය සේවයේ ඉන්නවා. සමිති වල අය 65 වෙනකල් වැඩ කරන්න කැමති නැතිනම් එයාලට 55න් යන්න කියන්න. කැමති අයට වැඩ කරන්න දෙන්න. යූනියන් වල අය ගහන ගහන පදේට නටන්න ගියෝතින්, රට එක අඩියක් වත් ඉස්සරහට ගෙනියන්න බැරි වෙනවා.

:       19       14

Ranjith Sunday, 12 December 2021 10:05 PM

රට ගොඩගන්න දැනට රජයේ පවතින ආයතන වලට සේවකයෝ අලුතින් බදවා ගත්තට වැඩක් නැත.

:       0       15

අප්පුහාමි Monday, 13 December 2021 05:55 AM

ඇත්තටම මේ ලේකම්තුමාත් විශ්‍රාම ගත්ත අයෙක්. සමහරක් අය හැට පහ නොවෙයි හැත්තෑව කලත් සතුටුයි මොකද ඒ අය දන්නෙ ඒක විතරයි ඒත් වෛද්‍ය වෘත්තිය කරන අයට ගැටලුවක් නැහැ හැට පහක් කලාම පාරිතෝශික නොගෙවීමයි අරමුණ මමත් විශ්‍රාම ගත් අයෙක් විශ්‍රාම ගත්තාට පසුව තේ අක්කර භාගයක් පමණ වගාව කරගත්ත ඒක කලේ ලැබුණු පාරිතෝශික මුදලිත් එයට අමතරව මම මේ කන්නෙ කෙනෙක් හවුල්කරගෙන අදයට කුඹුරක් වැඩ කලා මට බස්වල දුම්රියෙන් දුෂ්කර ගමන් නැහැ නිදහසේ සතුටින් ඉන්නවා

:       0       0

චන්දන Monday, 13 December 2021 07:48 AM

55, 60 කරද්දී ඔහොම කිව්වේ නැහැ. දැං කියනවා. ඇත්ත. හැරමිටියෙන් රස්සාවට යන එක හරි මදි නේද. 60 හොඳටම ඇති

:       1       3

Tilak Monday, 13 December 2021 07:58 AM

පරිපාලන සේවයට නම් 55 සීමාව හොඳයි. තරුණ නිලධාරීන් පරිපාලන තනතුරුවල සිටීම හොඳයි... අනෙක් තාක්ෂණික සේවාවන් වලට 65 සීමාව ගැටලුවක් නැත.

:       1       1

Daya Monday, 13 December 2021 08:02 AM

පරිපාලන සේවයට වයස්කාර නිලධාරීන් ගැලපෙන්නේ නැහැ. තරුණ කාර්යක්ෂම නිලධාරීන් ඉහළ තනතුරුවල සිටීම වැදගත්.

:       0       2

Prase Monday, 13 December 2021 09:35 AM

ඇයි 55න් ගිහින් ගවත් ජොබ් එකක් කරන්න ද? තරුණ අයගෙ ජොබ් නැති කරන්නෙ රජයෙ සේවකයො..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 31 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site