(උපුල් හේරත් සහ බී.ජී.චතුරංග)
මිහින්තලේ කල්ලංචිය පොලිස් බල ප්‍රදේශයේ නිවසක හැට තුන් හැවිරිදි කාන්තාවකගේ ගෙල කපා මරණයට පත් කර ඇතැයි කල්ලංචිය පොලිසිය කියයි .
මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අංක 220,දකුණු ඉවුර ,මහ කනදරාව ලිපිනයේ පදිංචිව සිටි ටී.බී.චන්ද්‍රාවති (63) නම් මවකි .
මෙම කාන්තාව ඊයේ (17) නිවසේ මුළුතැන් ගේ රැඳී සිටින විට තියුණු ආයුධයකින් ගෙල කපා මරා දමා ඇති බවට කල්ලංචිය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.
හේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද (18) පැවැත් වීමට නියමිත බව කල්ලංචිය පොලිස් ස්ථානාධිපති වරයා සඳහන් කළේය.
කල්ලංචිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි.එමි.ඒ.රාජරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මූලික පරීක්ෂණ ආරම්භ කර ඇත .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
63නේ මවගේ ගෙල කපලා