IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


60 විදුහල්පති 23 ටීචට හාදුවක් දීලා

(ටෝනි කරුණානායක)

අවුරුද්දට සුභපත්න බැරි වූවා යැයි කියමින් මිනුවන්ගොඩ පෞද්ගලික පාසලක ගුරුවරියක බලහත්කාරයෙන් සිප වැළඳගත්තේ  යැයි කියන එම පාසලේ විදුහල්පතිවරයාව අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

කඩවත ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි දෙදරු පියකු වු  මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලික පාසලේ ඉංග්‍රීසි ඉගැන්වීම් භාරව කටයුතු කරන 23 හැවිරිදි ගුරුවරියක කළ පැමිණිල්ලක් මත සැකකාර විදුහල්පතිවරයාව මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පැමිණිලිකාර ගුරුවරියට විදුහල්පතිවරයා පවරා තිබූ වැඩ කොටස අවසන් කර පිටව යාමට සූදානම් වන අවස්ථාවේ අවුරුද්දට විස් කරන්න බැරි වුණා යැයි කියා සැකකාර විදුහල්පති පැමිණිලිකාර ගුරුවරිය බලාත්කාරයෙන් සිප වැළඳගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වෙමින් පවතින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (7)

60 විදුහල්පති 23 ටීචට හාදුවක් දීලා

Sadun Monday, 17 April 2023 08:49 PM

ගෙජ්ජි ගිගිරි සෙල්ලම කරන්න ආස හිතෙන්න ඇති

:       1       6

බද්රානි Monday, 17 April 2023 09:11 PM

ශුභ පතන්න මුහුණ ඉම්බා කියලා නඩු දාන්න මේ ටීචර්ට පිස්සුද? තරුණ මදයෙන් ඉදිමිලා උඩඟු, උද්දච්ජ කම ඉහට ගහලා ඉන්න කෙනෙක් වෙන්න ඇති..ඔච්චරටම අමාරු නම්, ඒ වැඩිහිටි විදුහල් පති තුමාට දේශීය විදිහට දන ගහලා කලින්ම ශුභ පැතුවා නම් ඔහොම වෙන්නේ නැහැනේ..සමහරවිට ඒ විදුහල්පති තුමා ක්‍රිස්තියානි ආගමිකයෙක් වෙන්න ඇති. ඒ අය ශුභ පතන්නේ එහෙම තමයි. ඉංග්‍රීසි ඉගැන්වුවාට ගෝත්‍රික ගති පැවතුම් ඇති ටීචර් ගේ සිත තරම් අර විදුහල්පති තුමාගේ සිත වනචර නැතිව ඇති..

:       3       11

kamalTuesday, 18 April 2023 01:29 PM

බදුද්රානියේ, විදුහල්පති තුමාගේ හිතත් උඹේ හිතවගේම දකින දකින එකාව ඉම්බින වර්ගයේ එකක්.

:       4       1

බද්රානිTuesday, 18 April 2023 02:32 PM

වනචාරියෙකුගේ "වනචර" හිතකට උඹ හොඳ උදාහරණයක්. අනික, මට නම් ශුභ පතන්න කෙකෙකුගේ මුහුණ සිපගත්තාම උඹට වගේ ශාරීරික යමක් සිදුවෙන්නේ නැහැ. සමහරවිට ළදරුවන් පිළිබඳවත් ලිංගික හැගීම් ඇතිවෙන උඹල වගේ මිනිස්සු ඉන්න රටේ අර ටීචර්ට එහෙම අවලම් සිතුවිල්ලක් එන්න ඇති..බලාගෙන ගියාම, මේ මුළු රටම පුනරුත්ථාපන කඳවුරක් කල යුතුයි..

:       0       2

PRASANNA Tuesday, 18 April 2023 10:38 AM

දුක හාදු දෙන රැයේ .... දැන් සනීපද ?

:       2       4

Bamunuarachchi Tuesday, 18 April 2023 01:05 PM

විදුහල්පති වරයෙක් ටීචර් කෙනෙකුට හාදුවක් දීල., මොකක්ද මේ 60 කථාව? අවුරුදු 20 - 25 ගැටව් ඉන්නවා හාදුවක් දීගන්න බැරි එවුන්. එනිසා වයස මෙතනට ආඳාගන්න එපා. වයස කියන්නේ ඉලක්කමක් විතරයි. කෙරුවාවයි වැදගත්.

:       1       6

බද්රානිTuesday, 18 April 2023 02:54 PM

කාම අහේනියකින් පීඩා විඳින "මහලු බමුණෙකුගේ" අසංවර සිතකට අර වගේ පිවිතුරු හදවතක් ඇති විදුහල්පති තුමෙකුගේ සිතක් සමාන කරන්න හදන එකත් විහිළුවක්. ඔය කාගේ කාගේත් හිත ඇතුලේ කැකෑරෙන සිතුවිලි ගැන ලියල තියන අදහසින්ම හිතා ගන්න පුළුවන්. අනික බමුනුලාගේ වර්ගයේම අර ටීචර් උනත් කොල්ලෙක් හාදුවක් දුන්නා නම්, නඩු දාන එකක් නැහැ මගේ හිතේ..

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site