(නිමන්ති රණසිංහ)
කොරෝනා රෝගයෙන් මෙතෙක් මියගොස් සිටින 511 දෙනා අතුරින් 478 දෙනකු වයස අවුරුදු 40ට වැඩි අය බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය කියයි.
කොරෝනා මරණ අතුරින් වයස අවුරුදු 40ට අඩු අය 20 දෙනකු වාර්තා වී ඇතැයි ද එම මධ්‍යස්ථානය සදහන් කරයි.
කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ නවතම වාර්තාව අනුව වයස අවුරුදු 1ත් 9ත් අතර එක් අයකු ද, වයස අවුරුදු 10ත් 30ත් අතර 08 දෙනකු ද, වයස අවුරදු 31ත් 40ත් අතර 11 දෙනකු ද, වයස අවුරුදු 41 ත් 50ත් අතර 43 දෙනකු ද, වයස අවුරුදු 51ත් 60ත් අතර 71 දෙනකු ද, වයස අවුරුදු 61ත් 70ත් අතර 130 දෙනකු ද, වයස අවුරුදු 71ට වැඩි 234 දෙදෙනකු වශයෙන් සම්පූර්ණ මරණ සංඛ්‍යාව 511 ක් වශයෙන් ඊයේ (10)දින පෙරවරුව වන විට වාර්තා වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවදානම්.., අවදානම්.. කිය කියා ඉන්නේ නැතිව ගෙනත් තියෙන වැක්සීන් ටික ඒ අවදානම් අයට වහාම ලබාදෙන්න.