(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 178කින් සංශෝධන සහිතව සම්මත විය.
පනතට පක්ෂව ඡන්ද 179ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක් පමණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා පමණක් පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.
ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ සිටි ආණ්ඩු පක්ෂයේ සෙසු සියලු මන්ත්‍රීවරු සහ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරු (සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
ඡන්දය විමසන අවස්ථාවේදී ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු හතළිස් හයදෙනෙක් සභාවේ නොසිටියහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සංජීව එදිරිමාන්න, පවිත්‍රා වන්නිආරච්චි, අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්, එම පක්ෂයේ එම්.ඒ සුමන්දිරන් සහ ෂ්‍යානක්කම් රාසමානික්කම් එසේ නොපැමිණි මන්ත්‍රීවරු අතර වෙති.
චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
විසි දෙවෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ (20) සහ අද (21) පැවැත්විණ.
විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 50කට අධික පිරිසක් අදහස් දැක්වූහ.
ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට තනතුරු දැරීමේ අයිතිය අහෝසිවීම, ස්වාධීන කොමිෂන් සභාවලට බලතල ලැබීම, පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් පසු විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ඒ ආකාරයෙන්ම ලබාදීම ඇතුළු ප්‍රතිපාදන රැසක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් හිමිවනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන මාසයේදී අගමැති වෙනවා කියල අර පේන කියන කෙනෙක් කිව්ව කෙනාට මොකද වෙන්නේ ?
කපුටෙක් අගමැති පුටුවේ තියන්න ඕනෑ එක්කෙනෙකුට විතරයි එහෙනම්.
දැන් ඔක්කොම රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන්ද?
Did Aragalaya bargain for this or is it their plan?
හොර සාටක ජරාපක්ෂයලා මේ පනතට පක්ෂව ඡන්දය දීලා තියෙන්නේ අරගලයට බයේ මිසක් වෙන මොකටද?
කාරක සභා අවස්ථාවෙ මොනවා වෙයිද ඊළඟ වතාවේ මගපැරපු කට්ටියම අයින් කරමු දැනටත් සිටින ද්විත්ව පුරවැසියන්ට අයින්වෙන්න කියමු (ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියන්නෙ විශ්‍රාමිකයින් නැවත සේවයේ යෙදවීමට දෙවැනි නැහැ මොකද ඔවුන් වරදක් කලොත් අයකරන්න ක්‍රමයක් නැහැ ) තවත් විදියකින් කිව්වොත් ද්විත්ව පුරවැසියන් හරියට වල පයයි ගොඩ පයයි තියෙන අය වගෙයි කාටවත් වැඩක් නැහැ
ඡන්දේ ලැබුණේ 134 ලොක්කා පොරොන්දු වුණා අවුරුදු 2 1/2 න් කෝළම් මඩුව විසුරුවන්නේ නෑ කියලා, මොකද මොවුන් සමහරකගේ පැන්ෂන් එකට වදින නිසයි තව අවුරුදු 2 1/2 අපේ වියදමින් සැප ගන්න පුළුවන් නිසයි.., මොවුන් ඕකට අකැමැත්තෙන් හිටියේ. මොවුන්ට, අපිට හෙන ගහලා ගියත් කමක් නෑ... අනිත් ඡන්දෙට මොවුන්ට ගෙවල් පැත්තේ එන්න දෙන්න එපා...
නාමල් පුතය කපටියා,ශෂින්ද්‍ර කපටියා.