(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මේ සතිය අවසානයේදී ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලැබුණු පසු එම පනත් කෙටුම්පත රටට ගැලපෙන විදියට සම්මත කර ගැනීමට හැකි වෙතැයිද හෙතෙම විශ්වාසය පළ කළේය.
ඔහු මෙලෙස විශ්වාසය පළ කළේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.
අද රාජ්‍ය අංශයේ පමණක් නොව පෞද්ගලික අංශයේද දූෂණ සිදුවන බව පැවසූ අමාත්‍යවරයා දූෂණ වංචා වැළැක්වීම ඇතුළු විවිධ අරමුණු වෙනුවෙන් පනත් පහළොවක් පමණ පසුගිය කාලයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු බවද ප්‍රකාශ කළේය.
දූෂණ විරෝධී පනත සම්මත කර ගත් පසු අල්ලස් පනත මෙන්ම වත්කම් බැරකම් නීතියද වෙනස් කළ හැකි වනු ඇතැයි ඔහු පැවසුවේය.
"මුදල් කළමනාකරණයේදී අපේ රටට වැරදුණා " යැයිද විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
විධායකය තනි තීන්දු ගැනීමද රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වීමට බලපෑ පැවසූ අමාත්‍යවරයා හම්බන්තොට වරාය විකිණීමද ඊට ලොකු උත්තේජනයක් සැපයූ බව
ප්‍රකාශ කළේය.
රජය දැන් අලුත් ගමනක් ආරම්භ කර ඇතැයිද ඔහු පැවසූවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd