(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය ලබන 20 සහ 21 දෙදින පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (7) තීරණය කළේය.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (7) පෙරේදා (6) පැවැත්වීමට මුලින් තීරණය කර තිබිණ.
පනත් කෙටුම්පත විවාදයට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළතින්ම යම් විරෝධයක් පසුගිය දිනවල මතුවිය.
එසේම 2023 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) ලබන 18 වැනිදා ඉදිරිපත් කිරීමට කිරීමටද( පළමු වර කියවීම) එම කාරක සභාව තීරණය කර ඇත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (7) පස්වරුවේ රැස්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd