(අංජුල මහික වීරරත්න )
විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂයේ අවසන් ස්ථාවරය විමසා හැකි ඉක්මනින් දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට අද (05) උපදෙස් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් දෙනු ලැබුවේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාස්ථාව සම්බන්ධයෙන් විපක්ෂයේ කණ්ඩායම් අවස්ථා කිහිපයකදීම පරස්පර ස්ථාවර ගැනීම පිළිබඳ කරුණු අනාවරණය කිරීමෙන් පසුවය.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ සිට මේ වන විට විපක්ෂයට ගොස් සිටින කණ්ඩායම එක් මතයක්ද, විපක්ෂනායකවරයා ඇතුළු අනෙක් පාර්ශ්ව තව මතයක්ද පාර්ලිමේන්තුවෙි ප්‍රකාශ කර ඇති ආකාරය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබිණි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂයේ කණ්ඩායම් මුල් අවස්ථාවේදී දරණ ස්ථාවරය තවත් අවස්ථාවකදී සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක් ගන්නා බවට ජනාධිපතිවරයාට දිගින් දිගට කරුණු පෙන්වා දීමේ ප්‍රතිඵලයක් ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ඉහත දැනුම් දීම කිරීමට හේතුවිනැයි ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
300
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
22 ගැන විපක්ෂයේ අවසන් ස්ථාවරය විමසයි
Nandasena gr Thursday, 06 October 2022 06:01 AM
විපක්ෂය පැත්තකට දාපංකෝ .තමුන්ව බලයට ගෙනාපු පොහොට්ටුව වත් කැමති කරවගන්න බැරි වෙලානෙ
fairoos Thursday, 06 October 2022 12:26 PM
සිරිසේන පාට් 2 වගේ තමයි නිකන් විහිලු කතා විතරයි .රට ඉවරයි