
( තිළිණි ද සිල්වා )
මාස 21 කට පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ සිට සීෂෙල්ස් වෙත ගුවන් ගමන් යළි ආරම්භ කළ බව සීෂේල්ස් හී ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කියා සිටී.
පසුගිය වසරේ මාර්තු මස 16 වන දින සිට ශ්‍රී ලංකන් ගුවන් සේවය සීෂෙල්ස් වෙත සිදු කළ සිය ගුවන් ගමන් මෙහෙයුම් නතර කරනු ලැබූ අතර එම ගුවන් ගමන් යළි ආරම්භ කිරීමත් සමග සතියේ සෑම ඉරිදාවක ම ගුවන් ගමන් ආරම්භ කිරිමට සැලසුම් කර ඇත.
සීෂෙල්ස් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශ්‍රීමාල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ඉකුත්දා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අංක UL 707 දරන ගුවන් යානය සීෂෙල්ස් ජනරජය වෙත පිළිගනු ලැබුවේය.
විශේෂඥ වෛද්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා සීෂෙල්ස් ජාතිකයින් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාව වෙත පැමිණෙන අතර එමගින් මෙම ගුවන් ගමන් වාර වැඩි වශයෙන් සිදුවනු ඇතැයිද සීෂෙල්ස් හී ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපිට නම් ඔහේ යන්න ඕනෑ නෑ. අපි සීෂෙල්ස් කියන නම ජීවිතේ පළමුවෙනි පාරට ඇහුවේත් රජාණෝ තමන් හොරා කාපු කලු සල්ලි සුදු කිරීමේ මධ්‍යස්ථානය ලෙස ඔය රට තෝරාගත්තාට පස්සේ තමයි...
රට කොච්චර බංකොලොත් වුණත් සීෂෙල්ස් වල තියෙන එකනම් වහන එකක් නැහැ සත්තයි. එහාට දැන් ගුවන් ගමනකුත් ඇරලා තියෙන්නේ. මොකටද නැත්නම් කවුද දන්නේ නැහැ එහෙන් මෙහාටයි මෙහෙන් එහාටයි යන කට්ටිය...
මහරජාගේ මස්සිනා තමයි එහෙ තානාපති... එයා තමයි හොරාකාපු දෙවල් මුරකරන්නේ. නැත්නම් සීශෙල්ස් රාජ්‍යයේ දේවල් ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ සිට කරන්න තරම්වත් දෙයක් නැහැ. එම්බසියක් මොනවා කරන්නද එහේ?
දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම චීනෙට යන්නේ මාසෙටම එක සැරයයි. යුරෝපා ගමන් නවතා තිබිලා ඉතාම මෑතකදී සීමිත ගමන් වාර ගානක් කරගෙන යනවා. ශ්‍රී ලංකික මල්ලිට කොළඹට එන්න ශී ෂෙල් යන්නයි ද ගුවන් ගමන් පටන් ගත්තෙ?