
(තිළිණි ද සිල්වා,රංජන් කටුගම්පොළ සහ මනෝප්‍රිය ගුණසේකර)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය සම්මත කිරීම තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට හානි සිදුවී ඇතැයි සදහන් කරමින් , ඒ පිළිබද සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා ශ්‍රී ලංකා විනිවිද පෙරමුණ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබ ඇත.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා නම්කර ඇති එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් ලෙස ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ, ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත වේ.
මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම මේ මස 12 වැනිදා සලකා බැලීමට නියමිතය.
විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
20 වන සංශෝධනය සම්මත කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් , එමගින් අධිකරණයේ ස්වාධීනත්වය අහෝසි වීම, එක් පුද්ගලයෙකු වටා සියලු බලතල සංකේන්ද්‍රගත වී ඇති බවත් පෙත්සමින් පෙන්වා දෙයි.
ඒ අනුව ඊට එරෙහිව වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් සාධාරණ සමාජයක් උදෙසා ‘‘විනිවිද‘‘ ඉදිරියටම පත්වේවා..!! යි මගේ පැතුමයි. අපේ පැතුමයි.
ජය වේවා ..!!! නාගනන්ද මහත්මයාණෙනි. මේ රටේ නිදහසින් පසු වියවස්තා කිහිපයක්ම තිබුනා.හැබැයි ඒවා සියල්ලෙන්ම ආරක්ෂා කොට තිබුනේ රටේ පාලක පැලැන්තියයි.නමුත් නාගානන්ද මහත්මයා ඉදිරිපත් කල වියවස්ථාවෙන් ආරක්ෂාකොට තිබුනේ රටේ මහජනතාවයි.අවාසනාවකට අපේ රටේ බොහෝ දෙනෙක් ඒ ගැනවත් අවධානය යොමු කොට තිබුනේ නැහැ.දවසක ඔබ වැනි ජනාධිපති වරයෙක්, " මුක්තිය " නැති, රටේ ජනතාව ආවරණය කරන නීතියෙන්ම පමණක් පිළිසරණ ලබන ජනාධිපතිවරයෙක්,ඥාති සංග්‍රහ නැති, දුෂිතයින් ,හොරුන් නැති, විශේෂ වරප්‍රසාද නැති, රජයේ නිලරත නැති.... මන්ත්‍රීවරු,ඇමතිවරු සිටින රටක් බලයට පැමිණියොත් පමණක් මේ රටේ ඇති දැවෙන ප්‍රශ්න වලට නිසි පිළිතුරු ලැබී, වාසනාවන්ත දේශයක් බිහිවේවි. නාගානන්ද මහත්මයාණෙනි අපි වගේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඔබ වෙනුවෙන් සිටින බව සිතන්න. මීළඟ ජනාධිපතිවරණයට දැන්ම වැඩ පටන් ගන්න. ඔබේම පක්ෂයක් සාදාගෙන පෙරට එන්න.