(*** නිමන්ති රණසිංහ)
‘‘2020 ශ්‍රී ලංකාව ලේ විලක් කරනවා’’ යැයි අන්තවාදී පිරිස් සඳහන් කර ඇති බවට විමර්ශනවලදී හෙළි වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක මාරසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (10) පැවසීය. පුත්තලම, වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන්ද රහස්‍ය වාර්තාවක් වශයෙන් මහේස්ත්‍රාත් වෙත දැනුම් දුන් බවද සාක්ෂි කරු සඳහන් කළේය.
ලැක්ටෝවත්ත ප්‍රදේශයේදී සොයාගත් පුහුණු කඳවුර සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කළේනම් පාස්කු ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබූ බවද සාක්ෂිකරු පැවසීය.
මේ සම්බන්ධයෙන් තමන් ඉහළ නිලධාරීන්ට දැනුම් දුන්නද ඔවුන් අවධානමක් නොගත් බවත් එය අඩුවක් බවට තමන් දකින බවත් සාක්ෂිකරු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට මේවාට සම්බන්ධ මෝහයේ ගිලිණු මිනිස් වෙසින් සිටි තිරිසනුන් ටික ලංකාවේ නීති ප්‍රකාරව නිදහස් වෙයිද?
"2020 දී රටම ලේවිලක් කරනවා" මෙය සුලුවට සිතිය හැකි දෙයක් නම් නොවේ. සිරිසේන සේනාධිනායකයා මෙය සුළුවට සිතූ නිසා මෙයට තවමත් කොමිසම්ය. සිරිසේන ඇතුළු සියළුම වගකිව යුතු අය අල්ලා නීතියෙන් දඬුවම් දීම හා සහරාන් කල්ලියේ සියලු තැන්, ඔවුන්ට අරාබි කරයෙන් මුදල් ලැබුණු සැටි ආදිය ගැන සොයාබලා නිසිපියවර නොබියව ගැනීම වත්මන් ජනපතිතුමාගේ පූර්ණ වගකීම හා යුතුකම වන්නේය. එය ඉටුවේ යැයි යන බලාපොරොත්තුවෙන් අප දෙනෙත් දල්වා බලාසිටින්නෙමු...