(රංජන් කස්තුරි)
වැඩිකළ වැටුපට අනුව විශ්‍රාම වැටුප ගණනය කිරීම අත්හිටුවීම හේතුවෙන් 2016 න් පසුව විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින් 100,000 කට පමණ දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි විදුහල්පති හා ගුරු සංගම් චෝදනා කරයි.
රාජ්‍ය සේවකයින්ගේ වැටුප 107 % වැඩිකිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ 2016 වසරේ ජනවාරි මස 01 වැනිදින සිට 2020 වසරේ 01 වැනිදින දක්වා අදියර පහකින් වැටුප් වැඩිකිරීමට යහපාලන ආණ්ඩුව සහ නව ආණ්ඩුව පියවර ගත්තේය.
ඒ අනුව 2016 වසරේ ජනවාරි මස 01 වැනිදින සිට 2020 ජනවාරි මස 01 වැනිදින දක්වා කාලය තුළ යම් සේවකයෙකු විශ්රාමගිය හොත් ඔහුද 2020 ජනවාරි මස 01 වැනිදින දක්වා සේවය කළ බවට සිතා වැඩිවන වැටුපට සාපේක්ෂව විශ්‍රාම වැටුප් ගණනය කිරීමට ඉකුත් රජයේ කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගෙන තිබිණි.
ඉකුත් රජයේ එම තීන්දුව නව රජයේ කැබිනට් මණ්ඩලයද අනුමත කළ අතර ඒ බව දන්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉකුත් දෙසැම්බර් මස 10 වැනිදින චක්‍රලේඛනයක් පවා නිකුත් කළේය.
එහෙත් ඉන්පසු ඉකුත් ජනවාරි මස 02 වැනිදින කැබිනට් මණ්ඩලය විසින් ඉහත තීන්දුව අත්හිටුවන ලද අතර ඒ බව දන්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා තවත් චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවට අනිවාර්යයෙන්ම ඡන්ද ලක්ෂයක් නැතිවෙනවා. එයාලගෙ පවුලේ කට්ටියත් එක්කම ගණන් බැලුවොත් ඡන්ද ලක්ෂ 4 ක් විතර නැතිවෙනවා.
55 ලක්ෂයයි 69 ලක්ෂයයි අතර වෙනස බැලුවම ලක්ෂ හතර මොකක්ද?
විශ්‍රාමික අයගේ වගේම රාජ්‍ය සේවකයන්ගේත් ඡන්ද නැතිවෙනවා කොමිසමට අනුව වැටුප් වැඩි නොකරපු නිසා... 2/3 තියා 1/2 වත් ගන්න බැරිවෙයි වගේ.
මෙය ලංකාවේ ප්‍රථම වතාවට රාජ්‍ය සේවයේ විශ්‍රාම යන නිලධාරින්ට විශ්‍රාම ලිපියේ පැහැදිලිව සටහන් කල ලබාදී ඇති 10000/= - 25000/= අතර මුදලක් කපා දැමීමකි. ලංකාදීපය මෙවැනි විශ්රමිකින් හමුවී විදිමත් ලිපියක් ඉරිදා ලංකාදීපයේ පල කරන ලෙස කාරුණිකව ඉල්ලමි. එසේ ඉල්ලන්නේ බොහෝ පුවත්පත් මෙවැනි ජනතා ප්‍රශ්න තිබියදී වෙත් කාරණා පසුපසම යන බැවිනි. ස්තූතියි.
එතකොට අර 69ට මොකද වෙන්නේ? ඡන්දෙ දෙන්න කලින් එයාලට මේ බව දැනුම් නොදුන්නේ මොකද?
මේ කරපු වැඩේට නම් මේ අයට හෙන හතම වදින්න ඕනේ... අපි ගෝඨාභය මහත්තයාට ඡන්දේ දීලා වැඩ වරද්දා ගත්තා...
මම 1991 වසරේදී ස්වකැමැත්තෙන් විශ්‍රාම ලැබූවෙක්මි. පසුගිය යහපාලන රජය විසින් වැටුප් විෂමතාවය නැති කිරීමේ අරමුණින් එය සංශෝදනය කළා. මැතිවරණය ඉදිරියේ තබාගෙන වැටුප් සකස් කළා. මගේ වැටුප ගණනය කළයුතු වන්නේ 2016 සේවයේ සිටියා සේ සලකා වන නමුත් වැටුප සකසා ඇත්තේ 1996 වැටුපටයි. මේ ගැන හරි අවබෝධයක් නැති පිරිසක් විසින් වැටුප් සකස් කිරීම නිසයි එම වරද සිදුවී ඇත්තේ... සමහර අයගේ වැටුප 500/- ක් වැඩිවී තිබෙනවා. ඇතැමුන්ගේ වැටුප 6000/- න් විතර වැඩි වී තිබෙනවා. මේ ආණ්ඩුව නම් කීයටවත් ඔය අඩුපාඩුව හදන්නේ නැහැ. ඒකනිසා දැන් ඉතින් අපිටත් සිද්ධ වෙන්නේ මේ රජයට විරුද්ධ වෙන්නයි. මේ අඩුපාඩුවට මුහුණ දුන් විශ්‍රාමිකයින් ලක්ෂ 5ක් ඉන්නවා.
2016 විශ්‍රාම ගිය අයට 2020 දක්වා හිටපු විදියට විශ්‍රාම වැටුප් ගෙවන එක සාධාරණ වෙන්නෙ කොහොමද? රාජ්‍ය සේවයේ ඉහල තනතුරු දරපු සමහරු තමන්ගේ සාක්කුව ගැන හිතලා කරපු වැඩක්.
සිංහලයෝ අමු අමුවේ මෝඩයට අන්දවලා ඡන්දේ අරගෙන කරන වැඩනම් නියමයි.